››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

යුද හමුදා රෝහල හමුදා අයිතියට.....

යුද හමුදා රෝහල හමුදා අයිතියට.....

     ත්‍රස්තවාදයෙන් මවුබිම මුදවාගැනීම කරණකොටගෙන දශක තුනකට අධික කාලයක් තුල සිදුකරන මෙහෙයුමිවලදි තුවාල ලැබූ රණවිරුවන් සුවපත් කිරීමේ මහඟු කාර්යට දායකත්වය සපයයනවාත් සමග එම රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයිනගේ සුව සහනය වෙනුවෙන් කැපවීමෙන් සේවය සැපයූ යුධ හමුදා රෝහල අද දින සිය ගමන් මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් පසුකරයි. ඒ හමුදා රෝහල වෙනුවෙන් ඉදිකෙරුණ නව රෝහල් ගොඩනැගිල්ලකට පිවිසීමයි. මෙය සමස්ථ යුධ හමුදාවේම ජයග්‍රහණය වන අතර එක වහලක් යටදී සියලුම නවීන ප්‍රථිකාර පහසුකම් ලබා ගැනීමේ පහසුවද මේ මගින් රණවිරුවනට සහ ඔවුන්ගේ පවුල්වල අයවළුනට හැකි වේ.

මිහිඳු සෙත් මැදුර - අත්තිඩිය

 

     මෙයට අමතරව පුර්ණ ආභාධිත රණවිරුවන්ගේ පහසුව වෙනුවෙන් මිහිදුසෙත් මැඳුර අත්තිඩිය හා අභිමන්සල I,II,III ව්‍යාපෘති රජය, යුධ හමුදාව හා පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත ඉඳිකර දැනට ක්‍රියාත්මක වෙමින් පවති.

     1881 දී සිලෝන් ස්වේච්ඡා පාබල රෙජිමේන්තුව (Ceylon Light Infantry Volunteers) යටතේ ස්ථාපිත “Stretcher bearer (Medical) company” ලෙස (ගිළන් මැසි ඔසවන්නන් ගේ කණ්ඩායම ) මුල්ම ‍යුද හමුදා සෞඛ්‍ය අංශය මෙරට යුධ හමුදාවට එකතු වූ බව ඉතිහාසයේ සදහන් වෙයි. සත්‍යවශයෙන් මෙම පිරිස එක්වන්නේ කණ්ඩායමක් ලෙසයි. ඒ එවකට පැවති සිලෝන් ස්වේච්ඡා පාබල රෙජිමේන්තුවවේ කොටසක් ලෙසයි. ඒ එවකට නිත්‍ය බළසේනාවට අයත් නිලධාරියෙක් වූ මේජර් (ශල්‍ය වෛද්‍ය ) ජේ තොතිල් මහතාගේ අණදීම යටතේයි.

අභිමන්සල - අනුරාධපුර

අභිමන්සල - කඹුරුපිටිය

අභිමන්සල - පාන්ගොල්ල

     ඉන්පසු දශක තුනක ඇවෑමෙන් වර්ෂ 1911 වන විට මෙම අංශය ස්වාධීන ස්වෙඡ්ඡා වෛද්‍ය බළකාය ( Ceylon Medical Corps Volunteer )ලෙස වර්ධනය වී ඇති අතර 1918 සිලෝන් යුධ හමුදා ස්වේඡ්ඡා වෛද්‍ය බළකාය ලෙස ක්‍රියාත්මක වීම ඇරඹිණි. 1949 ඔක්තොබර් මස 21 දින ඇඳන් 10කින් සමන්විත කුඩා රෝහලක් (Medical Reception Station (MRS) යුධ හමුදා මුලස්ථානය තුල ස්ථාපනය කිරීමෙන් අනතුරුව නිත්‍ය වෛද්‍ය බළකායක් ලෙස අරඹා ඇත. අද යුධ හමුදා මූලික රෝහලක් ලෙස ක්‍රියාත්මකවන දියතළාව යුධහමුදා රෝහලද සමකාලිනව ආරම්භ කර ඇත.

 
 

     පසුව යුධහමුදා රෝහලක් ලෙස කොළඹ පිහිටි යුධහමුදා මුලස්ථානයට අනුයුක්තව ස්ථාපනය වූ අතර සියලු පහසුකම් සහිතව එයව ර්ධනය විය. අනතුරුව 2006 වසරේ යුධ හමුදා මුලස්ථානය තුල සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු හමුදා රෝහල කොටසක් නාරාහෙන්පිට දැනට පවතින ස්ථානයට මෙම අංශය ගෙනගොස් නැවත ස්ථාපනය කරන ලදී. 2009 වසර අගභාගයවනවිට ඇඳන් 196 කින් සහිත තුන්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමට යුධ හමුදාව කටයුතු කර ඇත.

     මෙම මස 05 දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතනව යුධ හමුදා රෝහල් සංකීර්ණය අතිනවීන පහසුකම් වලින් සමන්විත වනඅතර අක්කර 10 ක භුමි භාගයක් පුරා විහිදෙයි. මහල් 10 කින් යුත් ප්‍රධාන රෝහල් ගොඩනැගිල්ල හා ජිවානුහරන එකකයක්, දන්ත ශල්‍යගාර, ශල්‍යාගාර 6ක්, ප්‍රසුතිකාගාරයක්, නොමේරූ ළඳරු ඒකක, MRI ස්කෑන්, X කිරණ ඒකකයක්, ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයක්,නිලධාරි සහ සෙසුනිල වාට්ටු ඇතුළු වාට්ටු 21ක්, විශේෂ ප්‍රභූ වාට්ටුවක් සහ ප්‍රථිකාර ඒකකයක්, සේවාමුක්ත වාට්ටුවක් සහ ප්‍රථිකාර ඒකකයක් ද ව්‍යාධි වේදය (pathology) හෘදචිකිත්සක (Cardiology) ශ්‍රවණ චික්ත්සක ප්‍රථිකාර (Audiology) විකිරණ ප්‍රථිකාර (Radiology) අක්‍ෂි සායනික ප්‍රථිකාර (Ophthalmology) වෙනුවෙන් ඇති නවීන උපකරණ මගින් රෝග විනිශ්චය කිරීම සහ ප්‍රථිකාර කිරිම සඳහා සියල පහසුකම් වලින් නව රෝහල් සංකීර්ණය සමන්විතය.

ජිවානුහරණ ඒකකය

හෙලි පථය

විශ්‍රාමික නිළධාරීන් සඳහා

වාට්ටු සංකීර්ණ

කාඩ් අංශය

     එයට අමතරව හදිසි අවස්ථාවකදී රෝගීන් රෝහල් ගත කිරීමට 10 වැනි මහලේ හෙලිකොප්ටර් අංගන 2ක් ද සුදානමින් පවතී.කොළඹ ජාතික රෝහලට පමණක් දෙවැනි වන මෙම නව යුධ හමුදාරෝහල ඇඳන් 1024 ක් වෙනුවෙන් පහසුකම් සපයනු ලබන අතර දෛනිකව රෝගීන් 1000 වෙනුවෙන් බාහිර රෝගී ප්‍රථිකාර ලබාදීමේ හැකියාව පවති. විශේෂඥ සේවා 17ක්‌ රෝගීන්ගේ පහසුව වෙනුවෙන් ක්‍රියාත්මකවේ. තවද විශේෂඥ වෛද්‍යවරුන් 27, වෛද්‍යවරුන් 100 දෙනකු, බාහිර වෛද්‍යවරුන් 60 දෙනෙක්ද, හෙඳ නිළධාරින් හා නිළධාරිනීන් 350 දිනපතා රාජකාරියට සම්භන්ධවේ.

x කිරණ අංශය

අක්ෂි අංශය

දන්ත ශල්‍යාගාරය

MRI ඒකකය

විද්‍යාගාර

ප්‍රසූතිකාගාර

ශල්‍යාගාර

නොමේරු ළඳරු ඒකකය

වෛද්‍යවරුන් සඳහා වෙන්වු කාමර

වැසිකිළි පද්ධති

     යුධ හමුදාවේ මෙම ප්‍රධාන රෝහල් සංකීර්ණයට අමතරව සියලු පහසුකම් සහිතව පාලාලි, කිලිනොච්චි, අනුරාධපුර, දියතළාව හා මන්නාරමේ යුධහමුදා මුලික රෝහල් (Base hospital) පවත්වාගෙන යනු ලබයි.


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ