››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

යුධ හමුදාවේ ඉහලම තනතුරු සඳහා නව නිලධාරින්

යුධ හමුදාවේ ඉහලම තනතුරු සඳහා නව නිලධාරින්

 

ශ්‍රී ලංකා යුධ හමුදාවේ දෙවන ඉහලම තනතුර වන මාණ්ඩලික ප්‍ර‍ධානී තනතුර (Chief of Staff - COS) සඳහා පෙබරවාරි මස 12 වැනිදා සිට ක්‍රියාත්මක වනපරිදි මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් ආර්ඩබ්පි.ආර්එස්පී.වීඑස්වී යූඑස්පී.එන්ඩීසී.පීඑස්සී මහතා (Major General Milinda Peiris RWP RSP VSV USP ndc psc) පත් කොට ඇත.

1980 වසරේ කැඩෙට් නිලධාරියෙක් ලෙස හමුදා සේවයට එක්වන මිලින්ද පීරිස් මහතා සිය මුලික කැඩෙට් නිලධාරී පාඨමාලාව ඉන්දියාවේ මදුරාසි නිලධාරී පුහුණු පාසල (Officers Training School in Madras, India) වෙතින් හදාරන අතර ශ්‍රී ලංකා යුධ හමුදාවේ වසර 36 ක විශිෂ්ඨ සේවා කාලයක් සපුරා ඇති ශ්‍රී ලංකා යුධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායට (1st Reconnaissance Regiment Sri Lanka Armoured Corps) අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලය වෙතින් දර්ශනපති උපාධිය (Masters in Philosophy – M Phil, University of Madras) සහ ඉන්දියාවේ ඉන්දෝර් විශ්ව විද්‍යාලයෙන් ආරක්‍ෂක කළමනාකරණය පිළිබඳව (Diploma in Senior Level Defence Management - University of Indore, India) ලබාගෙන ඇති මොහු මේ දක්වා ජෙනරාල් ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති ධුරයේ රාජකාරි හෙබවිය.

නව පත්වීම අනුව මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා ශ්‍රී ලංකා යුධ හමුදාවේ 47 වැනි මාණ්ඩලික ප්‍ර‍ධානි ලෙසසිය රාජකාරි හොබවනු ඇත.

 

තවද 2016 පෙබරවාරි මස 16 සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍ර‍ධානී (Deputy Chief of Staff – DCOS) ලෙස මේජර් ජෙනරාල් ඒ.කේ.එස්. පෙරේරා ඩබ් ඩබ් වී .ආර් ඩබ් පී .ආර්එස්පී, යුඑස්පී,එන්ඩියූ (Major General A.K.S Perera WWV RWP RSP USP ndu) මහතා පත්කොට ඇත.

1981 වසරේ කැඩෙට් නිලධාරියෙක් ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවට එක්වන සුමේධ පෙරේරා මහතා සිය මුලික කැඩෙට් නිලධාරි පුහුණුව ඉන්දියාවේ මදුරාසි නිලධාරී පුහුණු පාසල (Officer Training School, Madras - India)වෙතින් සහ දියතලාව ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යා පිඨය (Sri Lanka Military Academy -SLMA) වෙතින් ලබා ගනී. අධිකාරිය ලැබීමෙන් පසු රජරට රයිෆල් බලකායට එක්වන සුමේධ පෙරේරා මහතා පසුව ගජබා රෙජිමේන්තුවට එක්වේ.

මහජන චීන ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ (National Defence University, People’s Liberation Army in China) උපාධිධරයෙක් වන සුමේධ පෙරේරා මහතාද වසර 35 ක විශිෂ්ඨ හමුදා සේවා කාලයක් සපුරා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. වඩමාරච්චි මෙහෙයුමේ සිට මානුෂිය මෙහෙයුම දක්වා ත්‍රස්තවාදීනට එරෙහි සටනේදී මාතෘභූමිය වෙත විශිෂ්ඨ සේවයක් ඉටුකළ මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා මේ දක්වා මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති ලෙස සිය රාජකාරි හෙබවිය.
 


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ