››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

ජෙනරාල් කොබ්බැකඩුව ඇතුළු විරුවන් දිවි පුදා වසර 24 ක් සපිරේ

ජෙනරාල් කොබ්බැකඩුව ඇතුළු විරුවන් දිවි පුදා වසර 24 ක් සපිරේ

[2016/08/08]

ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව රණවිරුවානන් ඇතුළු පිරිස මාතෘ භුමියේ ඒකීය භාවය වෙනුවෙන් යාපනය අරාලි තුඩුවේදී දිවි පුදා අද දිනට (අගෝ 08) වසර 24 ක් සපිරේ. ලලි කොබ්බෑකඩුව මැතිණිය සහ ශ්‍රී ලංකා යුධ හමුදා සන්නාහ සන්නද්ධ බළකාය මගින් ඒ වෙනුවෙන් අද දිනය පුරා ගුණ සමරු උත්සව සහ ඔවුන් වෙනුවෙන් පුණ්‍යානු මෝදණය කිරීමේ පිංකම් මාලාවක් අනුරාධපුරයේදී සංවිධානය කර ඇත.

මේජර් ජෙනරාල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ, ලුතිතන් කර්නල් එච් ආර් ස්ටෙපන්, ලුතිතන් කර්නල් ජී එච් ආරියරත්න, ලුතිතන් කර්නල් වයි එන් පලිපාන, ලුතිතන් කර්නල් නලින් ද ද අල්විස්, කොමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිතන් කොමාන්ඩර් සී බී විජයපුර සහ සාමාන්‍ය සෙබළ වික්‍රමසිංහ ඩබ් ජේ ඇතුළු රණවිරුවන් 10 දෙනෙක් යාපනය කයිට්ස් හි අරාලි තුඩුවේදී 1992 අගෝස්තු 08 වැනි දින එල්ටීටීඊ ත්‍රස්තවාදී සංවිධානය විසින් අටවන ලද බිම් බෝම්බයක් පුපුරා යාමෙන් මාතෘ භුමිය වෙනුවෙන් දිවිපිදුහ.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ