››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

ආරක්‍ෂක අමාත්‍යාංශය 2017 නව වසරට රාජකාරි අරඹයි

ආරක්‍ෂක අමාත්‍යාංශය 2017 නව වසරට රාජකාරි අරඹයි

[2017/01/02]

එළඹුන 2017 නව වසර සඳහා ආරක්‍ෂක අමාත්‍යංශ කාර්ය මණ්ඩලය රාජකාරි ඇරඹීම අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (ජන: 02) උදෑසන අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති චාම් උත්සවයකින් පසුව ආරම්භ විය.

ජාතික ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායන කරන ලද අතර මාතෘ භුමියේ නිදහස වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් රැකිම ඉන් අනතුරුව සිදුවිය. පසුව රාජ්‍ය සේවකයන් සඳහා වන ප්‍රතිඥාව කියවීම සඳහා සියළුම දෙනා සහභාග විය.

කාර්ය මණ්ඩලය ඇමතු අමාත්‍යාංශ ලේකම්වරයා "රාජ්‍ය සේවයේ ඇති වැදගත්කමත්, රාජ්‍ය සේවකයෙක් හැටියට පැවරෙන වගකීම් සහ ඉටු කළයුතු කාර්යභාරය පිළිබඳව" කෙටි විග්‍රහයක් සිදුකරන ලදී. ජනාධිපතිවරයාගේ මේ වසරේ අරමුණ “දුප්පත්කම/දිළිඳුකම තුරන් කිරීම, සංවර්ධනයේ සහ සංහිඳියාව ඇතිකිරීම” බව ප්‍රකාශකල ආරක්‍ෂක ලේකම්වරයා එය අපගේ විෂයපථය ඍජුව සමගාමී නොවුවත් තම රාජකාරී පරිසරය තුල හැකි දායයකත්වය ලබාදිය යුතු බව පැවසිය. ඒ වෙනුවෙන් හැකිතරම් දායක විය යුතු බව ප්‍රකාශ කළේය.

ගෙවීගිය 2016 වසරේ ආරක්‍ෂක අමාත්‍යංශයේ රාජකාරීන් පිළිබඳව තමන් සතුටු වන බවත් එම කටයුතු නොපිරිහෙලා ඉටුකල සැමට තමා ස්තුතිවන්ත වන බවත් එළැඹුන නව වසරේ සියලු අංශ වෙත පැවරෙන වගකීම් වඩා උනන්දුවකින් සිදුකරන ලෙස ඉල්ලීමක් කළේය. අවසාන වශයෙන් ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවය කරන සියළුම දෙනාටත් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට 2017 සුභ නව වසරක් වේවායි යනුවෙන් ආරක්‍ෂක ලේකම්වරයා සිය සුභපැතුම්ද එක කළේය.

මේ අවස්ථාවට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඒ.ජි.පී කිත්සිරි මහතා, අතිරේක සහ සහකාර ලේකම්වරුන්, හමුදා සම්බන්ධීකරණ නිළධාරී ඇතුළු ත්‍රිවිධ හමුදා නියෝජනය කරමින් අමාත්‍යංශයේ රාජකාරි කරනු ලබන නිළධාරීන් සහ සෙසු නිළයින් ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහභාග වි සිටියහ.

     
     


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ