››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යන ආයතනය නව ආයතන පරිශ්‍රයකට

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යන ආයතනය නව ආයතන පරිශ්‍රයකට

[2017/01/03]

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යන ආයතනය (The Institute of National Security Studies of Sri Lanka - INSSSL) නව කාර්යාල පරිශ්‍රයක විවෘත කිරීම ඊයේ දින (ජන 02) සංධ්‍යාවේ ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී සිදුවිය. ඒ අනුව මේ දක්වා ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ පවත්වාගෙන ගිය එම ආයතනය බත්තරමුල්ල “සුහුරුපාය” ගොඩනැගිල්ලේ අටවැනි මහලේ වඩාත් පහසුකම් සහිතව විවෘත විය. එම ආයතනය විසින් නිකුත් කරන “ 2017 ආරක්‍ෂක තොරතුරු පිලිබඳ සමාලෝචනය” ( INSSSL Defence Review 2017) එළිදැක්වීම සහ නව වෙබ් අඩවිය අන්තර්ජාලයට එක කිරීමත් මේ අවස්ථාවට සමගාමීව සිදුවිය.

මේ අවස්ථාවට ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, විද්වතුන්, තානාපති නිළධාරින්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරින්, ආරක්‍ෂක අංශවලට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් ආරාධිත ප්‍රභූන් මාධ්‍යවේදීන් රැසක් සහභාග වී සිටියහ.

ජාතික ආරක්‍ෂාව පිළිබඳව ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන ජාතික චින්තන පර්ෂදය (Ppremiere National think tank of the Ministry of Defence) ලෙස කටයුතු කරන අතර ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් කරුණු සංවාදයට ගැනීම, සාකච්ඡා පැවැත්වීම, සාක්‍ෂි පදනම් කරගත් විකල්ප ප්‍රථිපත්ති සහ උපායමාර්ග සම්පාදනය සඳහා රජය සමග එක්ව කටයුතු කිරීම වෙනුවෙන් ජාතික ආරක්‍ෂක තත්වයන් සහ පසුබිම තේරුම් ගැනීම සිදුකරනු ලබන අතර ඉතා උසස් තත්වයේ පර්යේෂණ තුලින් ආරක්‍ෂක අමාත්‍යංශයේ ප්‍රතිපත්ති, උපයමාර්ග සහ උපායමාර්ගික සැලසුම් සම්පාදනය සඳහා දායක වෙමින් ගුණාත්මක පර්යේෂණ හා විශ්ලේෂණ තුළින් ප්‍රතිපත්ති සහ තීරණ ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම මේ තුලින් සිදුකිරීමට කටයුතු කරනු ලබයි.

පසුගිය වසරේ අගෝස්තු මස ආරම්භකරනලද මෙම අධ්‍යන ආයතනයේ පාලක මණ්ඩලයේ සභාපති මෙන්ම එහි අනුශාසක ලෙස අතිගරු ජනාධිපතිවරයා ක්‍රියාකරන අතර ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම්වරයා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් අනෙකුත් මණ්ඩල සාමාජිකයින් ලෙස කටයුතු කරනු ලබයි. මෙම ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස අසංග අබේගුණසේකර මහතා කටයුතු කරනු ලබයි.

     

සබැදි පුවත් >>

ජාතික ආරක්‍ෂක අධ්‍යන ආයතනයයේ පළමු පුවත් ලිපිය එළිදකි

“ගෝලීයකරණය තුල ගෝලීය ආරක්‍ෂාව” මැයෙන් දේශනයක්

“වත්මන් ඉන්දු පකිස්ථාන තත්වය” මැයෙන් දේශනයක්

ආරක්‍ෂක ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නව ආයතනයක්

 


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ