››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

අවසන් නිශ්කාෂණ සඳහා නවදහසකට ආසන්න පිරිසක් රපොර්තු කරයි.

අවසන් නිශ්කාෂණ සඳහා නවදහසකට ආසන්න පිරිසක් රපොර්තු කරයි.

[2017/01/03]

නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින (Absent Without Official Leave - AWOL ) ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා නිශ්කාෂණ ලබා නිත්‍යානුකුලව සේවයෙන් ඉවත්වීමට ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් 2016 වසර සඳහා දෙවන වතාවට ප්‍රකාශයට පත්කර තිබු මසක පොදු සමා කාලය (General amnesty) පසුගිය සෙනසුරාද (දෙසැ: 31) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

ඒ අනුව පසුගිය 31 වැනිදායින් අවසන්වූ මසක කාලයක තුල නව දහසකට ආසන්න ප්‍රමාණයක් නැවත රපොර්තුකර සිය නිශ්කාෂණ ලබා සේවයෙන් නිත්‍යානුකූලව ඉවත්ව ගොස් ඇත. හමුදා ප්‍රකාශක සහ යුධ හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශකර සිටියේ යුධ හමුදාවට අයත් නිලධාරින් 11 ක් සහ සෙසුනිලයින් 7812 ක්, නාවික හමුදාවේ නිලධාරින් 02 ක් සෙසුනිලයින් 709 ක් සහ ගුවන් හමුදාවේ නිලධාරින් 21 ක් සහ සෙසුනිලයින් 312 දෙනෙක් මෙලෙස අවසන් නිශ්කාෂණ සඳහා නැවත රපොර්තු කර ඇති බවයි.

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශකර සිටියේ තවදුරටත් නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට එරෙහිව නිත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු කරන බවත් එම පිරිස් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමටත් ක්‍රියා කරන බවයි.

මේ වනවිට ත්‍රිවිධ හමුදාවට අයත් විශාල සංඛ්‍යාවක් විවිධ හේතුන්මත නිත්‍යානුකුලව නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින අතර ඔවුනට සමාජයේ විවිධ ස්ථානවලදී වරෙන්තුකරුවන් ලෙස ජිවත් වීමට සිදුවී ඇත. එම අයවළුන්ට කිසිදු අවස්ථාවක ගුවන් තොටින් බැහැරව යෑමට හෝ නැවත පැමිණීමට නොහැකි අතර ඔවුන්ගේ සියළු සහතිකවල මුල් පිටපත්ද ත්‍රිවිධ හමුදාවන් සතුව ඇති නිසා මෙන්ම එවැනි පුද්ගලයින් සේවයේ යොදවාගැනීම නීතිවිරෝධී බැවින් ඔවුනට කිසිදු රැකියාවක් වෙනුවන් ඉල්ලුම් කිරිමද කල නොහැකි තත්වයකට පත්ව ඇත. එම පිරිස් නිත්‍යානුකුලව ඉවත්කර හැරිම මෙන්ම ත්‍රිවිධ හමුදාවන් එම පිරිස් වෙනුවෙන් නඩත්තු කරන ලිපි ගොනු/ ලැයිස්තු නිවැරදි කර ගැනීමත් මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කිරීමට හේතුවිය.

සබැදි පුවත් >>

පොදු සමා කාලය අද මාධ්‍ය රාත්‍රියෙන් අවසන්

පොදු සමා කාලය 31 වැනිදා අවසන්

පොදු සමාකාලය සාර්ථකයි

සේවය හැරගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා මසක පොදුසමා කාලයක්

සේවය හැරගිය ත්‍රිවිධ සාමාජිකයින් සඳහා පොදුසමා කාලයක්


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ