››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

2016 වසරේ සමුද්‍රීය ආරක්‍ෂක සේවා සැපයීමෙන් නාවික හමුදාව කෝටි 226 ක ආදායමක් උපයයි

2016 වසරේ සමුද්‍රීය ආරක්‍ෂක සේවා සැපයීමෙන් නාවික හමුදාව කෝටි 226 ක ආදායමක් උපයයි

[2017/01/04]

සමුද්‍රීය ආරක්‍ෂක රාජකාරී සැපයීම තුලින් ගෙවී ගිය වසර (2016) තුල ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් රුපියල් කෝටි 226 කට අධික මුදලක් රජයට උපයා දීමට සමත්ව ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි. ඒ අනුව පසුගිය වසරේ ජනවාරි මස සිට දෙසැම්බර් මස අවසානය දක්වා සමුද්‍රීය ආරක්‍ෂක රාජකාරී සැපයීමේ මෙහෙයුම් වාර 6371 ක් (ගාල්ල වරාය - 5928, කොළඹ වරාය - 443) නාවික හමුදාව මගින් සිදුකොට ඇත.

ඇවන්ගාර්ඩ් පෞද්ගලික සමාගම මගින් මෙහෙයවන ලද මෙම සේවා සැපයුම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් නිකුත් කරන ලද විශේෂ නියෝගයක් මත 2015 නොවැම්බර් මස 13 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරීම සිදුවූ අතර එදා සිට මේ වසරේ ජනවාරි 02 වැනිදා දක්වා සමස්ථ මෙහෙයුම වාර 7,457 ක් (ගාල්ල - 6922, කොළඹ - 535) තුලින් රුපියල් කෝටි 263 ක මුදලක් රජය වෙත උපයාදී ඇත. දළ වශයෙන් නාවික හමුදාව මගින් මසකට මෙහෙයුම් 573 ක් පමණ සිදු කරණ බව එම පුවත වැඩි දුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව මෙලෙස සිදුකරණ මෙහෙයුම් අතර වෙළඳ නැව් සඳහා ආරක්‍ෂාව සැපයීම, ආරක්‍ෂක සමාගම් වෙත ‍සේවා සැපයීම සහ වෙළඳ නෞකාවන්හි සාගරික ආරක්‍ෂක රාජකාරීන් සඳහා ගිනි අවි සහ පතරොම් ලබා දීම ප්‍රධාන රාජකාරින් වේ.

සබැදි පුවත් >>

සමුද්‍රීය ආරක්‍ෂාක සේවා සැපයුම් තුලින් කෝටි 233 ක ආදායමක්


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ