››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

පාකිස්ථානු නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට

පාකිස්ථානු නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට

[2017/01/06]

පාකිස්ථානු නාවික හමුදාවට අයත් “හින්ගෝල්” (Pakistan Maritime Security Ship -PMSS Hingol) සහ “බාසෝල්” (Pakistan Maritime Security Ship - PMSS Basol) යන නෞකාවන් දෙක සුහද සංචාරයක් සඳහා ඊයේ දින (ජන: 05) කොළඹ වරායට පැමිණි බවත් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් පිළිගන්නා ලද බවත් නාවික හමුදා නිළ වෙබ් අඩවිය සඳහන් කරයි.

ඒ අනුව එම නෞකා දින තුනක් මෙරට රැඳී සිටින අතර ශ්‍රී ලංකාව සමඟ සුහදතාවය වර්ධනය වන වැඩසටහන් කිහිපයකට එම නැව් මුළු සහභාග වීමට නියමිත වේ. එළැඹෙන ජන: 08 වැනි දින දිවයිනෙන් බැහැරව යාමට නියමිත බව එම පුවත වැඩිදුරටත් සඳහන් කරයි.


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ