››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

අවශ්‍යතා සහිත උතුරේ පාසල් දරුවන් පිරිසකට පාසැල් උපකරණ

අවශ්‍යතා සහිත උතුරේ පාසල් දරුවන් පිරිසකට පාසැල් උපකරණ

[2017/01/06]

යාපානය මානිප්පායි ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පාසල් දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ ඇතුළු අවශ්‍යතා ලබාදීමේ අවස්ථාවක් පසුගියදා (ජන 02) ශ්‍රී ලංකා යුදහමුදා භටපිරිස් වල සම්බන්ධීකරණයෙන් සිදුකරන ලද බව යුධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.

ඒ අනුව මානිප්පායි හි සුත්තුමාලෙයි උතුරු දමිල මිශ්‍ර විද්‍යාලයේ පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ උත්සවයක් සංවිධානය කර තිබු අතර එහිදී රුපියල් ලක්‍ෂ හතරකට ආසන්න වටිනාකමකින් යුතු පාසල් උපකරණ සහ නිල ඇඳුම් ලබා දීමට සහ විශේෂ අවශ්‍යතා සහිත දියණියක් හට විදුලියෙන් ක්‍රියාකරන රෝද පුටුවක් ලබාදීමට කටයුතු කෙරුණි.

විජයබාහු පාබල රෙජිමේන්තු වේ 25 බලඇණියේ භට පිරිස් හි සම්බන්ධීකරණයෙන් මෙම සද්කාර්යය සංවිධානය කර තිබු අතර කැනඩාවේ පදිංචි සිරිසේන ගමගේ මහතා, ශ්‍රීයානි ගමගේ මහත්මිය, කිත්සිරිප්‍රේමරත්න මහතා සහ යමුනා කුමුදුනී මහත්මිය ඒ වෙනුවෙන් අවශ්‍ය මුල්‍යමය දායකත්වය ලබා දුන් බව එම පුවත වැඩි දුරටත් සඳහන් කරයි.


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ