››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

ජනපති දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් යුධ හමුදාවෙන් රුක් රෝපණ වැඩසටහනක්

ජනපති දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් යුධ හමුදාවෙන් රුක් රෝපණ වැඩසටහනක්

[2017/01/06]

ආරක්‍ෂක අමාත්‍ය සේනාධිනායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ශ්‍රී ලංකා යුධ හමුදා කෘෂිකර්ම සහ පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය මගින් පසුගිය බදාදා (ජන 04) හමුදා ආරක්‍ෂක සේනා මූලස්ථාන භට පිරිස් සමග පැල 13200 ක් රෝපණය කිරීමට කටයුතු කල බව යුධ හමුදා නිලවෙබ් අඩවිය පවසයි.

ඒ අනුව වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ මී පැල 2800ක් රෝපණය කිරීමට කටයුතු කොට ඇති අතර පිලිවෙලින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ අඹ , ඇසළ, කොහොඹ, තේක්ක සහ තල් ආදී පැල 2100 ක් ,නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය මගින් පැල 5600ක්,මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථාන මගින් දියතලාව මැණික් කන්ද බිංගේතැන්න ප්‍රදේශවල පැල 2400ක්, මෙන්ම මුලතිවු ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ පැල 100 ක් රෝපණය කිරීමට කටයුතු කොට ඇත. එයට අමතරව මුලතිවු ආරක්‍ෂක සේනා මුලස්ථාන යටතේ ස්ථාපිත මුලස්ථාන සඳහා පැල විශාල ප්‍රමාණයක් ලබාදීමටද කටයුතුකර ඇත. එයට සමගාමීව පනාගොඩ පිහිටි බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ පැල 200ක් රෝපණයට ද කටයුතු කල බව එම පුවත වැඩි දුරටත් සඳහන් කරයි.


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ