››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

ජනපති පදවිප්‍රාප්ති “දෙවර්ෂ පූර්ණය” ට සෙත්පතා බෝධි පුජා පිංකමක්

ජනපති පදවිප්‍රාප්ති “දෙවර්ෂ පූර්ණය” ට සෙත්පතා බෝධි පුජා පිංකමක්

[2017/01/08]

ආරක්‍ෂක අමාත්‍ය සේනාධිනායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ පදවි ප්‍රාප්තිය “දෙවර්ෂ පූර්ණය සැමරීම” වෙනුවෙන් “තිරසර යුගයක තෙවසර ඇරඹුම” උත්සව මාලාවට සමගාමීව ජනාධිපතිතුමන් වෙත සෙත්පතා විශේෂ බෝධි පුජා පිංකමක් ආරක්‍ෂක අමාත්‍යාංශ කාර්‍යමණ්ඩලය විසින් අද දින (ජන 08) සංධ්‍යාවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී සංවිධානයකර තිබුණි. හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර මාහිමිපාණන් බෝධිපුජා පුණ්‍යකර්මය මෙහෙයවන ලද අතර සෙත් පිරිත් සජ්ඣායනා කිරීම වෙනුවෙන් විහාරථානවාසි මහාසංඝයා වහසේලා ද සහභාග විය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහභාග වූ අතර ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්ච්චි මහතා සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ඒ.පී.ජී කිත්සිරි මහතාද මෙම අවස්ථාවට සහභාගවි සිටියහ. මේ අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අමාත්‍යාංශ කාර්‍යමණ්ඩලයේ විශාල පිරිසක් සහභාහ වී සිටියහ.


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ