››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

“තිරසර යුගයක තෙවසර ඇරඹුම” ජනපති ප්‍රධානත්වයෙන්

“තිරසර යුගයක තෙවසර ඇරඹුම” ජනපති ප්‍රධානත්වයෙන්

[2017/01/08]

ආරක්‍ෂක අමාත්‍ය සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ දෙවන පදවිප්‍රාප්තිය වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සංවිධානය කර තිබු “තිරසර යුගයක තෙවසර ඇරඹුම” සමාරම්භක උත්සවය ඊයේ දින පස්වරුවේ (ජන 08) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් සහ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ ප්‍රධාන අමාත්‍ය චන්ද්‍රබාබු නායිදු මැතිතුමන්ගේ (Hon Chandrababu Naidu - Chief Minister of Andhra Pradesh ) සහභාගිත්වයෙන් ආරම්භ විය. මේ අවස්ථාවට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහ ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාද සහභාග විය.

උත්සවය ආරම්භවීමට ප්‍රථම ජනාධිපතිවරයා පසුහිය වසර දෙක පුරාවට මාධ්‍ය මගින් එළිදක්වන ලද කාටූන් ප්‍රදර්ශණය නැරඹීමට සහභාග විය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති වරයා “ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා , ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඇත්තේ සම්මුතීන්ට හා එකඟතාවයන්ට වඩා ආධ්‍යාත්මක බැදීමක් බවත් ශ්‍රී ලංකාව කලාපය තුළ යුරෝපය හා අරාබි රාජ්‍යයන් සමඟත් නව ආණ්ඩුවක් ලෙස මිත්‍රත්වය ගොඩනගා ගෙන තිබෙන බව පැවසීය. එමෙන්ම 2017 වසර දුප්පත්කමින් රට නිදහස් විය යුතු වසර බවත් ඒ සඳහා “තිරසර සංවර්ධන සැලැස්ම” ක්‍රියාවට නංවන අතර දුප්පත්කම නැති කිරීම සඳහා වූ ජාතික ව්‍යාපාරය ආරම්භ කරන බවත් පැවසු ජනපතිතුමන් එහිදී ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍ය අංශ එහි මුලික අංග විය යුතු බව වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී ගම්මාන 15000ක් නගා සිටුවීමේ “ශ්‍රම ශක්ති” වැඩ සටහනෙහි “ශ්‍රම ශක්ති වෙබ් අඩවිය” අන්තර්ජාලයට විවෘත කිරීම ජනපතිතුමන් අතින් සිදුවූ අතර විද්වතුන් පිරිසක් විසින් ලියන ලද කෘති ජනාධිපතිතුමන් වෙත පිරිනැමීමද මෙහිදී සිදුවිය.

මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික පූජක උතුමන්, අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු නියෝජිතයින්, අමාත්‍යාංශ ලේකම්වරුන්, තානාපති නිළධාරින්, ආරක්‍ෂක ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාග වී සිටියහ.


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ