››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 10 ක් ජනතා අයිතියට

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 10 ක් ජනතා අයිතියට

[2017/01/10]

පිරිසිදු පානීය ජල අවශ්‍යතාව සහිත මෙන්ම වකුගඩු රෝගය බහුලව පවතින ප්‍රදේශ ඉලක්ක කරගනිමින් නාවික හමුදාව විසින් ප්‍රති ආශ්‍රැත ජල පෙරන පද්ධති ලබාදීම වෙනුවෙන් සිදුකරන ප්‍රජා සත්කාර ව්‍යාපෘතිය තවත් ඉදිරියට ගෙන යමින් ඊයේ දින (ජන: 09) සහ පෙරේදා දින (ජන: 08) තවත් ප්‍රථි ආශ්‍රැත ජල පෙරන පද්ධති (Reverse Osmosis – RO) පහක් ස්ථාපිත කොට ජනතා අයිතිය වෙනුවෙන් පවරාදීම සිදු කල බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.

ඒ අනුව ඊයේ දින (ජන: 09) ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3ක් ක් මහියංගනය බෙලිගල්ල ගම්මානයේ, ගිරාදුරුකෝට්ටේ ශ්‍රී ධර්මෝධය මහා පිරිවෙණ සහ පොල්පිතිගම නිකවැහැර ගම්මානයේ ස්ථාපිතකොට විවෘත කරන ලද අතර තවත් ජල පෙරන පද්ධති දෙකක් පෙරේදා දින (ජන 08) රිදිමාලියද්ද ප්‍රදේශයේ සහ පොල්පිතිගම තලාකොලවැව ගම්මානයේ ස්ථාපිත කොට ප්‍රයෝජනය පිණිස විවෘත කර ජනතා අයිතියට පවරාදී ඇත.

එමෙන්ම පසුගියදා තවත් ජලපෙරන පද්ධති 05ක් ජනතා අයිතියට පවරා ඇති අතර අනුරාධපුරය ස්වර්ණපාලී බාලිකා ප්‍රාථිමික විද්‍යාලයේ සහ ස්වර්ණපාලී බාලිකා මහා විද්‍යාලයේ ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ඇතුළුව අනුරාධපුර ප්‍රදේශය ආවරණය වන පරිදි තවත් ජල පිරිපහදු යන්ත්‍ර 3ක් ස්ථාපිත කොට ජනතා අයිතියට පත්කොට ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ වකුගඩු රෝගය ව්‍යාප්ත වන ප්‍රදේශ සහ පිරිසිදු පානීය ජල අවශ්‍යතාව සහිත ප්‍රදේශ ඉලක්ක කරගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ජල පිරිපහදු යන්ත්‍ර 96 ක් ස්ථාපිත කර පවුල් 45,130 කට හා පාසැල් දරුවන් 40,350 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය ලබාදීමට කටයුතු කර ඇති බව එම පුවත වැඩිදුරටත් සඳහන් කරයි.

සබැදි පුවත් >>

86 වැනි ප්‍රති ආශ්‍රැත ජලපෙරන පද්දතිය තිරප්පනේ මහානාම විදුහලට

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 4 ක් ජනතා අයිතියට පත් කෙරේ

වසරක් සපුරණ පිරිසිදු පානීය ජලය සැපයීමේ නාවික හමුදා ප්‍රජා සත්කාර ව්‍යාපෘතිය

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 06 ක් ජනතා අයිතියට

යාපනය මහ‍ රෝහල සඳහා ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය

වව්නියාව පොලිස් ස්ථානයට සහ කොකාවැව ගම්මානයට ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක්

කුඹුක්වැව සහ කොහොඹගස්කඩ ගම්මානවල ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක්

50 වැනි ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ

වව්නියාව සහ නොච්චියාගම ප්‍රදේශවලට ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක්

අළුත්වැව කණිෂ්ඨ විද්‍යාලයට ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක්

දිවුලපැලැස්ස සහ රොටලවෙල ප්‍රාථමික විදුහල් සඳහා ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය

යාපන විශ්ව විද්‍යාලයේ ජලපිරිපහදු යන්ත්‍ර ජනපති අතින් සිසු අයිතියට

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර තුනක් අවශ්‍යතා ඇති පිරිස් අයිතියට

එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයට ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක්

හම්බෙගමුව ජනපද කණිෂ්ඨ විද්‍යාලයට ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක්

පොල්පිතිගම කෝරුවාව මහානාම විද්‍යාලයට ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක්

කහකුරුල්ලන්පැලැස්ස කණිෂ්ඨ විද්‍යාලයට ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක්

සම්පත්නුවර මහා විද්‍යාලයට ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක්

ප්‍රථම ජංගම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය හම්බේගමුවට

නාවික හමුදාව තවත් ප්‍රජා සත්කාර මෙහෙයක

"පිවිතුරු පැන් පූජා" තුන්වැනි පියවර පදවියට

යුධ හමුදා මැදිහත්වීමෙන් ජලපෙරණ යන්ත්‍ර තුනක්

මෛත්‍රීපාල සේනානායක විදුහලට නාවික හමුදාවෙන් ජල පිරිපහදු යන්ත්‍රයක්

ඉරට්ටපෙරියකුලම ජනතාවට නව පානිය ජල පෙරන පද්ධතියක්

ජනකපුර විද්‍යාලයේ ජල පිරිපහදු යන්ත්‍රය නාවික හමුදාව විසින් අළුත්වැඩියා


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ