››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

ධීවරයින් භාරදීමට සහ භාරගැනීමට නාවික හමුදා සහය

ධීවරයින් භාරදීමට සහ භාරගැනීමට නාවික හමුදා සහය

[2017/01/11]

 

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 51 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සහ ඉන්දීය රජයේ අත්ඩංගුවේ සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික ධීවරයින් 3 දෙනෙකු යලි මෙරටට භාරදීම ඊයේ දින (ජන 10) සිදුවූ අතර ඒ සඳහ ශ්‍රී ලංකා නාවික හමුදාව සහය දැක්වූ බව ශ්‍රී ලංකා නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.

මෙම කටයුත්ත යාපනය කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී සිදු කෙරුනු අතර, ඒ සඳහා නාවික හමුදාවට අයත් L 820 යාත්‍රාව (Sri Lanka Navy’s Landing Craft - L 82) සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ CG 48 යාත්‍රාව (Sri Lanka Coast Guard Craft - CG 48) මෙන්ම ඉන්දීය වෙරළාරක්‍ෂක බලකායේ ‘සාගර්’ (Sagar) නෞකාව සහභාග වූ බව එම පුවත වැඩිදුරටත් සඳහන් කරයි.


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ