››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

අයහපත් කාලගුණික තත්ත්වය පහවෙමින් පැවතියද ගලවාගැනිමේ සහ සහන මෙහෙයුම් තවදුරටත්

අයහපත් කාලගුණික තත්ත්වය පහවෙමින් පැවතියද ගලවාගැනිමේ සහ සහන මෙහෙයුම් තවදුරටත්

[2018/05/29]

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල කාලගුණික තත්ත්වය සැලකිය යුතු ලෙස යහපත් මට්ටමකට වර්ධනය වී ඇතත්, ගංවතුර හා නායයෑමට ලක් වූ ප්‍රදේශවල ක්‍රියාත්මක ත්‍රිවිධ හමුදා ගලවාගැනීමේ හා සහන කණ්ඩායම් තම කටයුතු තවදුරටත් කරගෙන යනු ලබයි. පසුගිය දින දෙක පුරා පැවති අධික වර්ෂාව ක්‍රමයෙන් අඩු වුවත් දිවයිනේ සමහර ප්‍රදේශ තවදුරටත් ජලයෙන් යටවී පවතී.

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීම සඳහා යොදවා සිටි නාවික හමුදාවේ මුදාගැනීමේ සහ සහන කණ්ඩායම් තවමත් කාර්ය බහුලව සිටි. මැයි මස 20 දා සිට නිරිතදිග මෝසම් සමය නිසා ආරම්භ වූ අධික වර්ෂ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20 ක පුද්ගලයන් 174,000 කට අධික සංක්‍යාවක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගංවතුර, අකුණු හා සුළං ආශ්‍රිත සිදුවීම් හේතුවෙන් අවම වශයෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද සඳහන් වේ.

මේ අතර, ගංවතුර හේතුවෙන් විපතට පත්වූවන් බේරාගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා සිටි නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් සෙනසුරාදා (මැයි 26) දින අතුරුදන්ව සිටි පොලිස් නිලධාරියාගේ මලසිරුර සොයාගෙන තිබේ. මාදම්පේ, ගල්මුරුව ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් අනතුරට පත් පුද්ගලයින් තිදෙනෙකු බේරාගැනීමට තැත් කළ කොස්තාපල් ඩිලාන් සම්පත් පසුගිය සිකුරාදා (මැයි 25) දින එම ගංවතුරට හසුව අතුරුදන් විය.

කලුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර, ගම්පහ, පුත්තලම, කුරුණෑගල සහ කොළඹ යන දිස්ත්‍රික්කවල ගංවතුර හේතුවෙන් විපතට පත්වූවන් ගලවා ගැනීමේ කටයුතු සඳහා නාවික හමුදා බෝට්ටු 50 ක් පමණ තවමත් ක්‍රියාත්මක වේ. තවද ගංවතුරට ලක්වුවන් ගලවා ගැනීමේ හා සහන කාර්යයන් වල ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 600 කට අධික සංක්‍යාවක් තවමත් නිරතව සිටිති.

ගංවතුර හේතුවෙන් අවතැන් වූ රත්නපුර ප්‍රදේශයේ ජනතාව වෙත පිසූ ආහාර ලබා දීම සඳහා පිහිටවූ නාවික හමුදා ජංගම කුස්සියද තවමත් ක්‍රියාත්මක වේ.

     

සබැදි පුවත් >>

හමුදා භටපිරිස් සති අන්තය පුරා ගංවතුරෙන් විපතට පත්වූවන්ට සහන සපයන ලදී.

හමුදා භටපිරිස් විසින් ප්‍රධාන නාගරික ප්‍රදේශ වල ගංවතුර වැළැක්වීමට පියවර ගනී

නාවික හමුදාව විසින් ගංවතුරින් විපතට පත් වූවන් විශාල පිරිස බේරාගනී

ගංවතුර සහන කටයුතු රට පුරා

නවතම තත්ත්වය පිළිබඳ යාවත්කාලීන කිරීම

දැඩි දුෂ්කරතා මධ්‍යයේ භට පිරිස් විසින් මුදාගැනීමේ සහ සහන සැලසීමේ කටයුතු දිගටම ක්‍රියාත්මක කරයි.

ආරක්‍ෂක හමුදා විසින් විපතටපත් වූවන් වෙනුවෙන් මූදාගැනීමේ සහ සහන මෙහෙයුම් තවදුරටත්

නාවික හමුදාවේ සහන සැපයීමේ කණ්ඩායම් 40 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මකයි

ගංවතුරට ගොදුරු වූවන් මුදා ගැනීමට සහ සහන සැපයීමට ත්‍රිවිධ හමුදාව යුහුසුළුව කටයුතු කරයි

ආපදා සහන කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් තවත් පරිත්‍යාගයන්

භටපිරිස් තවදුරටත් සහන මෙහෙයුම් වල

විපතටපත් අමාත්‍යංශ සාමාජිකයින් සඳහා ආධාර පිරිනැමේ

චීන රජයට අයත් නාවික නෞකා 3 ක් කොළඹ වරායට

විපතට පත් පිරිස් වෙනුවෙන් නාවික හමුදා මානුෂීය මෙහෙවර තවදුරටත්

සහන මෙහෙයුම් සඳහා ගුවන් හමුදා සහය තවදුරටත්

යුධ හමුදා භටපිරිස් ප්‍රධාන මාර්ග පිරිසිදු කිරිමේ කටයුතු වල

 


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ