››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

නාවික හමුදාවේ වාර්ෂික ‘සැපයුම් සම්මන්ත්‍රණය- 2018’ ත්‍රිකුණාමලයේදී

නාවික හමුදාවේ වාර්ෂික ‘සැපයුම් සම්මන්ත්‍රණය- 2018’ ත්‍රිකුණාමලයේදී

[2018/05/30]

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය විසින් සංවිධානය කරන ලද ‘සැපයුම් සම්මන්ත්‍රණය - 2018’ සම්මන්ත්‍රණය ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ දී පසුගිය සිකුරාදා (මැයි 25) දින පවත්වන ලදී. තෙවන වරටත් සංවිධානය කරන ලද ‘සැපයුම් සම්මන්ත්‍රණය - 2018’ සම්මන්ත්‍රණයෙහි මෙවර තේමාව ‘මුල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව: අවස්ථා හා අභියෝග’ යන්නයි.

මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, ගරු ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රධාන දේශනය පවත්වන ලදී. මෙහි සමාරම්භක කථාව නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් සිදු කරන ලදී.

මෙම සම්මන්ත්‍රණය තුල ‘මුල්‍ය කේන්ද්‍රස්ථානයක් සඳහා වන රජයේ මුල්‍ය ප්‍රතිපත්ති භාවිතය හා පාලනය’, ‘දකුණු ආසියානු කලාපයේ මුල්‍ය කේන්ද්‍රස්ථානයක් සඳහා සෘජු විදේශ ආයෝජන තුලින් ආර්ථික වර්ධනයට වන බලපෑම’ සහ ‘යුධමය කටයුතු සම්බන්ඳයෙන් සහයෝගීතාවය තුලින් ශ්‍රී ලංකාව කලාපීය මුල්‍ය කේන්ද්‍රස්ථානයක් කරා’ යන මාතෘකා යටතේ සාකච්ඡා කරන ලදී. එහි නිමාව සනිටුහන් කරමින් මහාචාර්ය රන්ජිත් බංඩාර මහතා සම්මන්ත්‍රණය පිළිබඳ සමාලෝචනයක් ඉදිරිපත් කරන ලදී.

ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, ඉන්දියාව, පකිස්ථානය හා බංග්ලාදේශ නාවික හමුදා සැපයුම් නිලධාරීන් ඇතුළුව වෘත්තිකයන්, විද්වතුන්, ජාතික හා පෞද්ගලික විශ්වවිද්‍යාල නියෝජිතයන්, රජයේ ආයතන සහ පුද්ගලික ආයතන මෙන්ම ක්ෂේත්‍රයට සම්බන්ධ කීර්තිමත් විද්වතුන් විශාල පිරිසක් මෙම සම්මන්ත්‍රණයට එක්වී සිටියහ.

     


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ