››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

ගුවන් හමුදාව විසින් වික්ටෝරියා නිවසේ නෙවාසිකයින් හට වෛද්‍ය සායනයක් පවත්වයි

ගුවන් හමුදාව විසින් වික්ටෝරියා නිවසේ නෙවාසිකයින් හට වෛද්‍ය සායනයක් පවත්වයි

[2018/05/31]

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පසුගිය අඟහරුවාදා (මැයි 29) රාජගිරිය වික්ටෝරියා නිවසේ නේවාසිකයින් සඳහා වෛද්‍ය සායනයක් පවත්වා ඇත. ගුවන් හමුදා රෝහල විසින් නිවාසයේ වෙසෙන රෝගීන් සඳහා ශල්‍ය වෛද්‍ය සේවාවන්, අක්‍ෂි පරීක්‍ෂණ සහ මනෝවිද්‍යාත්මක උපදේශන සේවාවන් ලබා දෙන ලදී.

මෙම නිවසේ වෙසෙන 150 කට අධික පිරිසක් ගුවන් හමුදා රෝහලේ වෛද්‍ය නිළධාරීන් හා කාර්ය මණ්ඩලය විසින් පරික්ෂා කරන ලද අතර විවිධ රෝගවලින් පෙලෙන්නන් සඳහා නොමිලේ ප්‍රතිකාර ලබාදෙන ලදී. දෘෂ්ටි අබාධයන්ගෙන් පෙලෙන්නන් සඳහා නොමිලේ ඇස් කණ්නාඩි ද ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාද සහභාගී විය.

වික්ටෝරිය නිවස වෙතින් උපතින්ම අබාධිත සහ වෙනසත් විවිධ හේතුන් නිසා අබාධිත තත්ත්වයට පත් අසරණ අයවලුන් සඳහා නේවාසික පහසුකම් සපයනු ලබයි.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ