››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

නාවික හමුදාව පශ්චාත් ආපදා සහන කටයුතු ආරම්භ කරයි

නාවික හමුදාව පශ්චාත් ආපදා සහන කටයුතු ආරම්භ කරයි

[2018/05/31]

පසුගිය සතිය පුරා අයහපත් කාලගුණික තත්ත්වයෙන් විපතට පත්වූවන් මුදාගැනීමේ සහ සහන සේවා කටයුතු වල නිරත ආරක්‍ෂක අංශ සාමාජිකයින් මේ වනවිට පීඩාවට පත් ප්‍රදේශ වල සිවිල් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටියි.

අධික වර්ෂාපතනය ක්‍රමයෙන් අඩුවීමත් සමග පසුගිය දින කිහිපය පුරා ජලයෙන් යටවී තිබු ප්‍රදේශ වල ජලය බැසයාමට පටන්ගෙන ඇත. පීඩාවට පත් ජනතාව යලි සිය නිවෙස් වලට පැමිණ ඔවුන්ගේ දෛනික කටයුතු නැවත ආරම්භ කර තිබේ.

පශ්චාත් ආපදා සහන කටයුතු ආරම්භ කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව ගංවතුරෙන් පීඩාවට පත් වූ ජනතාවගේ වඩාත් මූලික අවශ්‍යතාවයක් වන පිරිසිදු ජලය ලබාදීම සඳහා ජල මුලාශ්‍ර පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදා සහන කණ්ඩායම් ජල පොම්ප උපයෝගී කරගනිමින් පානීය ජල ළිං පිරිසිදු කිරීම සිදු කරමින් සිටින අතර, හොරණ, කළුතර, අගලවත්ත, ගම්පහ, බෝපිටිය, පුත්තලම සහ නාත්තණ්ඩිය යන ප්‍රදේශයන්හී පානීය ජල ළිං 254 ක් පමණ පිරිසිදු කිරීමට සමත් වී ඇත. ගංවතුරෙන් යටවූ ප්‍රදේශ තුල විවිධ රෝග තත්ත්වයන් පැතිරීමට ඇති අවධානම ඉතා අධික බැවින් ඒවාට මුහණදියහැකි ලෙස නිසි ආරක්‍ෂණ හා සනීපාරක්‍ෂක ප්‍රමිතීන්ට අනුකූලව මෙම පිරිසිදු කිරීම් සිදු කරනු ලබයි.

පසුගිය දිනයන්හී නාත්තන්ඩිය ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය පානීය ජලය ලබා දීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ජංගම ප්‍රති ආශ්‍රැත පිරිපහදු යන්ත්‍රයක් ද ස්ථාපිත කරන ලදී.

මේ අතර, උතුරු අර්ධද්වීපයේ රාජකාරීන්හි නියුතු නාවික හමුදා භටයින් විසින් පසුදිය අඟහරුවාදා ඩෙල්ෆ් දූපතේ ප්‍රජා සංස්කෘතික මධ්‍යස්ථානයේදී ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදී.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ