››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

යුධ හමුදාව වෙතින් දරුවන් හට තෑගී පාර්සල්

යුධ හමුදාව වෙතින් දරුවන් හට තෑගී පාර්සල්

[2018/06/01]

ත්‍රිවිධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සුභසාධන වැඩසටහන් අතර සමාජය තුල ආර්ථික මට්ටමින් පහල මට්ටමක සිටින ජනතාව එම තත්ත්වයෙන් නගා සිටුවීම සඳහා විවිධ වැඩසටහන් පවත්වනු ලබයි. මෙම වැඩසටහන් වලින් බොහොමයක් මෙම ප්‍රජාවන්ගේ දරුවන්ගේ ජීවන හා අධ්‍යාපන මට්ටම නගා සිටුවීම අරමුණු කර ගෙන ක්‍රියාත්මක කරනු ඇත.

යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද තවත් එක් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ලෙස වව්නියාව, වෙප්පන්කුලම් හි අන්පකම් හින්දු ළමා නිවාසයේ වෙසෙන දරු දැරියන් වෙනුවෙන් සෙනසුරාදා (මැයි 26) දින අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාදෙනු ලැබීය. වව්නියාව, 61 වන සේනාංකයේ භට පිරිස් විසින් මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙහිදී, ළමා නිවාසයේ නේවාසික ළමුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් සහ සබන්, රෙදි සෝදන කුඩු, දත් බෙහෙත්, සිනී, තේකොළ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුලත් ත්‍යාග පාර්සල් බෙදාදුන්හ. නේවාසික ළමුන් 46 දෙනෙකුට සහ එහි සාමාජිකයන් 16 දෙනෙකු වෙත මෙසේ දිවා අහාරය සහ තෑගී පාර්සල් ලබාදෙන ලදී.

මේ අතර, කලාඔය, සාලියවැව පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ භටපිරිස් විසින් පසුගිය අඟහරුවාදා (මැයි 29) දින ආර්ථික අපහසුතා සහිත සාලියවැව ප්‍රදේශයේ සිසුන් 25 දෙනෙකු වෙත පාසල් උපකරණ තොගයක් බෙදාදෙනු ලැබීය.

සබැදි පුවත් >>

කිලිනොච්චි සිසුන් 300 කට අධ්‍යාපනික ආධාර ලබා දෙයි

රණවිරුවන්ගේ දු දරුවන් වෙත පාසල් උපකරණ පරිත්‍යාගයක්

උතුරේ පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ බෙදාදේ

යුද්ධ හමුදා භටපිරිස් විසින් උතුරේ දරුවන්ට අධ්‍යාපනික ආධාර ලබාදෙයි

උතුරේ පාසල් ළමුන් සඳහා අධ්‍යාපන ආධාර


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ