››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

බුත්තල, නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ වාර්ෂික සම්මන්ත්‍රණය ආරම්භ වේ

බුත්තල, නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ වාර්ෂික සම්මන්ත්‍රණය ආරම්භ වේ

[2018/06/01]

බුත්තල, නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික අධ්‍යයන සම්මන්ත්‍රණයේ සමාරම්භක සැසිවාරය බ්‍රහස්පතින්දා (මැයි 31) දින ආරම්භ කරන ලද බැව් යුද්ධ හමුදා නිල වෙබ්අඩවිය පවසයි. ‘ගැටුම්වල ස්වභාවය පිළිබඳ ගෝලීය සහ කලාපීය විශ්ලේෂණය’ (Dynamics of Conflicts; Analysis within Regional and Global Context) යන තේමාව යටතේ ඊයේ උදෑසන ආරම්භ කරන ලද මෙම දෙදින සම්මන්ත්‍රණයෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී විය. මෙම අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාද සහභාගී විය.

ප්‍රධාන ආරාධිතයා විසින් ආරම්භක දේශනය පවත්වන ලදී. මෙහි පළමු සැසි වාරය ආරම්භ කරමින් ‘සීතල යුද්ධය අවසන්වීමෙන් පසු ලෝකයේ විකාශණය’ (Evolution of the world order following the end of the Cold War) යන මාතෘකාව යටතේ ආචාර්ය හරින්‍ද්‍ර විදානගේ විසින්ද කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ආචාර්ය සිතාර ප්‍රනාන්දු මහතා විසින් ‘ලෝකයේ ප්‍රධාන බලවතුන්ගේ මූලෝපායික අභිලාෂයන් සහ ආසියා ශාන්තිකර කලාපය කේන්ද්‍රස්ථානයක් ලෙස ගැටුම්කාරි තත්වයන් ආවරණය කරන්නේ කෙසේද?’ (Strategic aspirations of the major powers and how the Asia pacific turns into a hub of converging and conflicting interests) යන මාතෘකව යටතේද සිය දේශන පවත්වන ලදී.

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ අසන්ත සෙනෙවිරත්න මහතා විසින් ‘ගෝලීය දේශපාලනය, දකුණු ආසියානු කුඩා රාජ්‍යයන්හි ප්‍රධාන උපාය මාර්ග හා ආරක්‍ෂක ගැටළු’ (Geopolitics, grand strategies and security concerns of small nations in South Asia) යන මැයෙන් ද එම විශ්ව විද්‍යාලයේම සනත් ද සිල්වා මහතා විසින් ‘දකුණු ආසියාවේ න්‍යෂ්ඨික සංකීර්ණතාවය’ (Nuclear Complexities in South Asia) යන මැයෙන් ද දේශණයන් පවත්වන ලදී. සෑම සැසිවාරයක් අවසානයේම කණ්ඩායම් සමාජිකයින්ගේ උපදෙස් පරිදි ප්‍රශ්ණ හා පිළිතුරු සැසිවාරයන් ද පවත්වනු ලබයි.

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ඇතුළු යුද්ධ හමුදාව සහ නාවික හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් 60 දෙනෙකු මෙම දෙදින සම්මන්ත්‍රණය සඳහා සහභාගි වි සිටියහ.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ