››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් රෝගීන් සඳහා රුධිරය පරිත්‍යාග කරයි

යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් රෝගීන් සඳහා රුධිරය පරිත්‍යාග කරයි

[2018/06/04]

යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් මෑතකදී නැවත වරක් යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා රුධිරය පරිත්‍යාග කිරිමටකටයුතු කළහ. මෙම ප්‍රජා සත්කාරක කටයුත්ත යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 10 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිදුකරන ලදී.

මෙම ලේ දන්දීමේ වැඩසටහන පසුගිය මැයි 24 දින මරදන්කේනි ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වූහ.

උතුරු අර්ධද්වීපයේ පිහිටි ප්‍රධාන රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා අත්‍යවශ්‍ය රුධිරය පරිත්‍යාග කිරීම සඳහා යුද හමුදා සාමාජිකයින් සියයකට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ.

යාපනය ශීක්‍ෂණ රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්යමණ්ඩලය මෙම පරිත්‍යාගය වෙනුවෙන් යුද්ධ හමුදා සාමාජිකයින්ට සිය ස්තුතිය පිරිනැමූහ.

ප්‍රදේශයේ රෝහල්වලට අත්‍යවශ්‍ය රුධිරය හිගයකින් තොරව පවත්වාගෙන යාම සඳහා හමුදා භටපිරිස් විසින් නිරතුරුව ස්වේච්ඡාවෙන් සිය රුධිරය පරිත්‍යාග කරනු ලබයි.

 


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ