››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

රිම් ඔෆ් ද පැසිෆික් - 2018 (RIMPAC) අභ්‍යාසය සඳහා නාවික හමුදා කණ්ඩායමක් පිටත්ව යයි

රිම් ඔෆ් ද පැසිෆික් - 2018 (RIMPAC) අභ්‍යාසය සඳහා නාවික හමුදා කණ්ඩායමක් පිටත්ව යයි

[2018/06/05]

රිම් ඔෆ් ද පැසිෆික් - 2018 (Rim of the Pacific – RIMPAC 2018) සාගර අභ්‍යාසයට සහභාගී වීම සඳහා නාවික හමුදා මැරීන් බලකායට අනුයුක්ත 25 දෙනෙකුගෙන් සමන්විත නාවික කාණ්ඩායමක් පසුගිය මැයි 21 වන දින ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යන ලද බව නාවික හමුදා නිල වෙබ්අඩවිය පවසයි. මෙම නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහභාගී වන්නේ ප්‍රථම වරටයි.

ඇමෙරිකානු නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන රිම් ඔෆ් ද පැසිෆික් - 2018 (Rim of the Pacific – RIMPAC 2018) සාගර අභ්‍යාසය නාවිකයින් සඳහා වන විශාලතම අභ්‍යාසයකි.

මෙම අභ්‍යාසය එළබෙන ජුනි 28 වන දින සිට අගොස්තු 04 වන දින දක්වා හවායි දූපත් ආශ්‍රිතව පැවැත්විමට නියමිතය.

රිම් ඔෆ් ද පැසිෆික් - 2018 හි මෙවර තේමාව වන්නේ ‘හැකියාව, අනුවර්තනය හා හවුල්කරුවන්’ යන්නයි. තවද, මෙවැනි සාගරික ඒකාබද්ධ නාවික අභ්‍යාස මගින් විදේශිය මැරීන් බලකායන් සමඟ අන්‍යෝන්‍ය අවබෝධය තව දුරටත් වර්ධනය කරගැනීමට හැකියාව ලැබෙන අතර, එමඟින් අපහට අයත් මුහුදු කළාපයේ සාගරික ආරක්ෂාව ස්ථාවරව පවත්වා ගැනීමට මහත් පිටිවහලක් සැළසෙනු ඇත.

මෙවැනි ඒකාබද්ධ නාවික අභ්‍යාස මගින් අනෙකුත් නාවික හමුදාවන් සමග අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ශක්තිමත් කර ගැනීමට හැකියාවක් ලැබෙන අතර, මෙය ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකායට විශාල අත්දැකීමක් වනු ඇත.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ