››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

ජාතික පරිසර සතිය සමඟ යුද්ධ හමුදාව එක්වෙයි

ජාතික පරිසර සතිය සමඟ යුද්ධ හමුදාව එක්වෙයි

[2018/06/05]

ජාතික පරිසර සතියට සමගාමිව යුද්ධ හමුදාව විසින් පසුගිය ඉරිදා (ජුනි 03) දින කිලිනොච්චි ප්‍රදේශයේ රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය (SFHQ-KLN) විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහනේදී කොස්, පළු, වීර, දොඩම්, පුවක්, දෙළුම් ඇතුළු ආර්ථික වටිනාකමක් ඇති පැළ වර්ග මාර්ගය දෙපස රෝපණය කරන ලදී.

මෙයට සමගාමිව පැළ සිටුවීමට දිරිගැන්වීමක් ලෙස ප්‍රදේශයෙහි සිවිල් වැසියන්ට පැළ බෙදාදීමේ ව්‍යාපෘතියක් ද සිදු කරන ලදී. මෙහි සමාරම්භක උත්සවය කිලිනොච්චි, පරයිපංචාන් ප්‍රදේශයේ දී ඉරිදා (ජුනි 03) දින පැවැත්විණි.

ලැබී ඇති පැළ ප්‍රමාණය අනුව ප්‍රදේශයේ අනෙකුත් ගම්මානවලටද මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීමට නියමිතය.
රුක් රෝපණ වැඩසටහනට පෙර දින එනම් පසුගිය සෙනසුරාදා (ජුනි 02) දින ප්‍රදේශයේ සිවිල් ප්‍රජාව සමඟ එක්ව කිලිනොච්චි නගරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කළහ. ජාතික පරිසර සතියට සක්‍රියව දායක වෙමින් A-9 මාර්ගයේ 238 වන හා 254 වැනි සැතපුම් කණුව අතර නාගරික ප්‍රදේශය පිරිසිදු කිරීම සඳහා යුද්ධ හමුදාව සහ ප්‍රදේශයේ ජනතාව 350 කට අධික පිරිසක් සහභාගී වූහ.

මෙයද ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මුළු දිවයිනම ආවරණය කරමින් ක්‍රියාත්මක හරිත ව්‍යාපෘතිය යටතේ සලසුම්කල එක් වැඩසටහනකි. මෙම ව්‍යාපෘතිය යටතේ කිලිනොච්චිය ප්‍රදේශයේ ගස් 135,000 ක් වගා කිරීම සඳහා පසුගිය වසරේ (2017) නොවැම්බර් මාසයේදී එක් වැඩසටහනක් ආරම්භ කරන ලදී. මෙහිදී පොල් වගාව දිරි ගැන්වීම සඳහා ප්‍රදේශය තුළ පොල් පැළ 2,500 ක් සිටුවීමේ ව්‍යාපෘතියක්ද ආරම්භ කර ඇත.

එහිම තවත් එක් පියවරක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පසුගිය මාර්තු 15 වන දින පැවති උත්සවයකදී ආර්ථීක වටිනාකමක් සහිත පැළ විශාල ප්‍රමාණයක් රෝපණය කරන ලදී. තවද පසුගිය මාර්තු මාසයේදී ත්‍රිකුණාමලය ප්‍රදේශයේ යුද්ධ හමුදා භට පිරිස් විසින් 'අපි වවමු - රට නගමු' ජාතික වැඩසටහනට සමගාමීව විවිධ පැළ වර්ග 1000 ක් රෝපණය කිරීමට කටයුතු කළේය.

     

සබැඳි පුවත් >>

යුද හමුදා භට පිරිස් ත්‍රිකුණාමලයේ පැල රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

කිලිනොච්චි භටපිරිස් විසින් මහා පරිමාණ රුක් රෝපණ ව්‍යාපෘතියක් අරඹයි

“වනරෝපා” ජාතික රුක් රෝපණ වැඩසටහන සඳහා යුද හමුදාවේ සහය


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ