››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක ලේකම් සහභාගී වේ

උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක ලේකම් සහභාගී වේ

[2018/06/07]

යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක - 04 සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා නිලධාරින් වෙත උපාධි සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය බදාදා (06) දින කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාල ශ්‍රාවණාගරයේ දී පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සහභාගි විය.

ආරක්‍ෂක අමාත්‍යංශයිය සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය වන ශලිනි වෛද්‍යරත්න මහත්මියද මෙම අවස්ථාවට සහභාගී විය.

ත්‍රිකුණාමලය යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ (ASL) දී පැවති භඨකාර්ය සම්පාදන මාණ්ඩලික නිලධාරි පාඨමාලාව සාර්ථකව හැදෑරු විදේශීය නිලධාරින් දෙදෙනෙකු ඇතුළු යුද්ධ හමුදා නිලධාරින් 32ක් වෙත සිය උපාධි සහතිකපත් ප්‍රදානය කිරීම ආරක්‍ෂක ලේකම්තුමන් සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සිදුකරන ලදී.

මෙම උත්සවයේ විශේෂ අවස්ථාවක ලෙස භඨකාර්ය සම්පාදන විද්‍යාලය (ASL) මගින් පිරිනමනු ලබන පාඨමාලාවෙහි ‘හොඳම භඨකාර්ය සම්පාදන සැළසුම්කරු’ සහ ‘හොඳම සමස්ථ දක්‍ෂතාවය’ යන සම්මාන දෙක ද පිරිනමන ලදී.

ශ්‍රී ලංකාවේ සේවයේ යෙදි සිටින විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින්, ජේෂ්ඨ හමුදා නිලධාරීන් සහ ආරාධිත අමුත්තන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

භඨකාර්ය සම්පාදනය පිළිබඳ වෘත්තිමය නිපුණත්වයන්ගෙන් හා මනාලෙස දිරිගැන්වු යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනියන් පුහුණු කිරීම ප්‍රමුඛ පරමාර්ථය පෙරදෑරි කරගනිමින් 2011 ක් වු මැයි මස 9 දින ත්‍රිකුණාමලය ක්ලැපන්බර්ග්හි දී යුද්ධ හමුදා භඨ කාර්ය සම්පාදන විද්‍යාලය ආරම්භ කරන ලදී.

මාණ්ඩලික නිලධාරි භකාස පාඨමාලාව යනු යුද්ධ හමුදාවේ මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් සඳහා පරිපාලනය හා භඨ කාර්ය සම්පාදන කලමනාකරණය පිලිබඳ වෘත්තීය දැනුම වර්ධනය කරගැනීමට ඇති ප්‍රධානතම පාඨමාලාවකි.

     
     
     


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ