››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය ඩෙංගු මර්ධන මෙහෙයුම් අරඹයි

බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය ඩෙංගු මර්ධන මෙහෙයුම් අරඹයි

[2018/06/09]

බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ මුලිකත්වයෙන් ජුනි මස 6 දින සිට 7 දින දක්වා කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල සහ රත්නපුර යන නගරයන් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරනු ලැබුහ.

බොහෝ ප්‍රදේශවල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සහ අනෙකුත් අවධානම් ස්ථාන සොයා ගැනීම සඳහා මහජන සෞඛ්‍යය පරික්‍ෂකවරුන්, අදාල ප්‍රාදේශීය බලධාරීන්, පොලිස් නිලධාරීන් සහ යුද්ධ හමුදා නිලධාරීන් මෙන්ම යුද්ධ හමුදා සාමාජිකයන් 500 ක් පමණ මේ සඳහා යොදවා තිබිණ.

14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා සහ 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා මේ සඳහා පෙරමුණ ගෙන කටයුතු කළහ

අනුග්‍රහය : යුධ හමුදා මාධ්‍ය ඒකකය


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ