››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

උතුරේ වැසියන් සඳහා කෘතීම පාද

උතුරේ වැසියන් සඳහා කෘතීම පාද

[2018/06/11]

උතුරු ප්‍රදේශයේ ජිවත්වන ශාරීරික ආබාධ සහිත සිවිල් වැසියන් කණ්ඩායමක් සඳහා අත්‍යවශ්‍ය උපකරණ බෙදාදීමක් පසුගිය සෙනසුරාදා (09) දින යුද්ධ හමුදාවේ සංවිධානයෙන් සිදුකරන ලද බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් කුණ්ඩසාලේ ආබාධිතයින් සඳහා වූ මධ්‍යස්ථානයේ සහයෝගය ඇතිව ප්‍රදේශයේ ආබාධ සහිත තැනැත්තන් සඳහා සුදුසු කෘතිම පාද ලබා දීම සිදු කරන ලදී.

ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ඇතිව තෝරාගන්නා ලද අඩු ආදායම් ලාබී පවුල්වල සිටින මෙම අබාධ සහිත වුවන්ගේ කෘතීම පාද නිෂ්පාදනය කිරීම සඳහා මිනුම් ලබාගන්නා ලදී. මේ අනුව මෙම වැඩසටහන යටතේ කෘතීම පාද අවශ්‍යතා සහිත සිවිල් වැසියන් 28 දෙනෙකු තෝරාගෙන ඇත.

පසුගිය සති අන්තයේදී කිළිනොච්චියේ පිහිටි සාම මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී රු.මිලියන 1.2 ක් වටිනා මෙම කෘතීම පාද බෙදාදෙන ලදී.

උතුරු පළාතේ රාජකාරීන්හි නියුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් මීට පෙර අවස්ථා ගණනාවකදීම ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා මෙවැනි සුභසාධන වැඩසටහන් සංවිධානය කර තිබුණි.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ