››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

දකුනු මුහුදේ අතරමං වූ ධීවරයින් දෙදෙනෙකු බේරා ගනියි

දකුණු මුහුදේ අතරමං වූ ධීවරයින් දෙදෙනෙකු බේරා ගනියි

[2018/06/11]

දකුණු මුහුදේදී ඔවුන් ගමන්ගත් බෝට්ටුවේ එන්ජිමේ හටගත් දෝෂයක් හේතුවෙන් අතරමංව සිටි ධීවරයින් දෙදෙනෙකු මුර සංචාරයේ යෙදුනු නාවික හමුදා යාත්‍රාවක් මගින් බේරාගැනීමට සමත්වූ බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි. මෙම ධීවරයින් දෙදෙනා රැගත් යාත්‍රාව පසුගිය ජුනි මස 08 වන දින තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ‍ගොස් ඇත. හම්බන්තොටට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී එම යාත්‍රාවේ එන්ජිමේ හටගත් දෝෂයක් හේතුවෙන් ඔවුන් මෙසේ අනතුරට ලක් පාවෙමින් සිට ඇත.

මෙම අනතුර සම්බන්ධයෙන් තොරතුරු ලද විගස මුර සංචාරයේ නියුතු වේග ප්‍රහාරක යාත්‍රාවක් එම ධීවරයින් සහ යාත්‍රාව මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා යෙදවීමට කටයුතු කෙරිණි. ඒ අනුව, මහ රාවණ (Great Bases) ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 08 දුරින් වූ මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබියදී වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් ඔවුන් සොයා ගැනීමට සමත් විය.

පසුව එම ධීවරයින් ආරක්‍ෂාකාරී ලෙස හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඔවුන්ගේ ඥාතීන් වෙත භාරදීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ