››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා නාවික හමුදාව දායක වෙයි

ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා නාවික හමුදාව දායක වෙයි

[2018/06/12]

පරිසරය සුරැකීමේ ක්‍රියාවලියට ඍජුව දායක වන විවිධ වැඩසටහන් රාශියක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරම්භ කර ඇත. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය සඳහා නව තිරසාර විසඳුමක් හඳුන්වාදීම එවැනි එක් විශිෂ්ට වැඩසටහනකි. මෙම පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ කිරීමේ නව ක්‍රමවේදයක් සහිත මධ්‍යස්ථානයක් කල්පිටිය, ආනවාසල ප්‍රදේශයේ පිහිටුවීමට ශ්‍රී ලංකා නාවික හමුදා සමුද්‍ර සංරක්‍ෂණ හා අධීක්‍ෂණ ඒකකය විසින් පසුගියදා කටයුතු සිදුකරන ලදී.

 

ලාභ ඉපයිමේ අරමුණකින් තොරව මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා මාස් හෝල්ඩින්ග්ස් ආයතනය පුර්ණ දායකත්වය ලබා දීමට කටයුතු කර ඇත. මෙම මධ්‍යස්ථානය මගින් ඝන අපද්‍රව්‍ය කළමණාකරණය සඳහා තිරසාර විසඳුමක් ලබා දීම මෙන්ම, ප්ලාස්ටික් අපද්‍රව්‍ය සාධාරණ මිලකට මිලදීගැනීම තුලින් ප්‍රදේශයේ ජනතාවට අමතර ආදායමක් උපයා ගැනීමටද අවස්තාව සැලසේ. මෙම මධ්‍යස්ථානයේදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරනය සඳහා සුදුසු පරිදි සකස් කොට ප්‍රතිචක්‍රීකරණ ආයතන වෙත ලබා දීමට කටයුතු කෙරේ.

මේ අතර, ජුනි මස 08 වන දිනට යෙදී තිබූ ලෝක සාගර දිනයට සමගාමීව දිවයින පුරා වෙරළ තීරයන් ආවරණය වන පරිදි පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරන ලදී. මෙම සමාජ ශුභසාධන වැඩසටහනද මාස් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම සමග එක්ව සිදුකරන ලදී.

ඒ අනුව කල්පිටිය, කාක දුපත, හික්කඩුව, ගාල්ල, මිරිස්ස, හම්බන්තොට, ආරුගම්බේ, මඩකලපුව, නිලාවේලි, පේදුරුතුඩුව, තලෙයිමන්නාරම සහ නාගදිපය යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන පසුගිය සති අන්තයේ (ජුනි 09 සහ 10) දී සිදුකරන ලදී.

මෙම වැඩසටහන් මාලාව සඳහා නාවික හමුදා සාමාජිකයින්, මාස් හෝල්ඩින්ග්ස් ආයතනයේ සාමාජිකයින් සහ රාජ්‍ය ආයතන සහ සිවිල් සාමාජිකයින් සියගණනක් සහභාගීවී සිටි අතර එය අවසනායේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය, පොලිතීන්, විදුරු කැබලි සහ මිශ්‍ර අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ‍එකතු කර ගැනීමට හැකියාව ලැබුණි.

     


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ