››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෝදපුටු ටෙනිස් ක්‍රීඩකයින් තායිපේ හී දී විශිෂ්ට දස්කම් දක්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෝදපුටු ටෙනිස් ක්‍රීඩකයින් තායිපේ හී දී විශිෂ්ට දස්කම් දක්වයි

[2018/06/12]

මෑතකදී තායිපේ හී පැවැති ජාත්‍යන්තර රෝදපුටු ටෙනිස් තරඟාවලිය - 2018 සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෝදපුටු ටෙනිස් ක්‍රීඩකයින් ජයග්‍රහණ රැසක් අත්කරගනිමින් ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ගෙන දුන් බව යුද්ධ හමුදා නිල වෙබ්අඩවිය පවසයි. මෙම තරඟාවලියේ පිරිමි යුගල ශුරතාවය යුද්ධ හමුදා ක්‍රිඩකයින් විසින් දිනා ගන්නා ලදී.

2018 – UNIQLO රෝදපුටු ටෙනිස් තරඟාවලියේ දී ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ ලාන්ස් බොම්බඩි ඩි.ඒ.එස්.ආර් ධර්මසේන සහ ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් ආර්.ඒ.එල්.එස් රණවීර පළමු වටයේ ලකුණූ 7 – 5 සහ දෙවන වටයේ ලකුණු 6 – 3 ක් ලෙස ලබාගනිමින් ‘කෞෂුං’ (Kaohsiung) ගෞරව නාමය ලබාගැනීමට සෙනසුරාදා (09) දින සමත් විය.

අර්ධ අවසාන වටයේ දී ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ ලාන්ස් බොම්බඩි ඩි.ඒ.එස්.ආර් ධර්මසේන හිටපු ලෝක ශුර ෆුජිමොටෝ සමඟ තරඟවැද කේවල අනුශුරතාවය හිමිකරගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයන් ජාත්‍යන්තර තරඟයක දී දක්‍ෂතා දක්වු ප්‍රථම අවස්ථාව ද මෙය වේ. තායිපේ හි පැවති මෙම තරඟාවලිය සඳහා විවිධ රටවල් නියෝජනය කරමින් රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ කළමනාකරුවන් සිය ගණනකට අධික පිරිසක් සහභාගි වූහ.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ