››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

මුහුදේ අතරමං වූ ධීවරයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගනියි

මුහුදේ අතරමං වූ ධීවරයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගනියි

[2018/06/13]

 

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘සයුරළ’ නෞකාව මඟින් ඊ‍යේ (ජුනි 12) ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිය ධීවර යාත්‍රාවේ ඇතිවූ දෝශයක් හේතුවෙන් අතරමංව සිටි ධීවරයින් දෙදෙනෙකු බේරා ගැනීමට සමත් විය.

ලෙසාන් 4 (Lesan 4) නමැති මෙම ධීවර යාත්‍රාව පසුගිය මැයි 08 වන දින ත්‍රිකුණාමලය ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ‍ගොස් ඇති අතර, ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේදී එම යාත්‍රාවේ එන්ජිමේ හටගත් දෝෂයක් හේතුවෙන් ඔවුන් මෙසේ අනතුරට ලක් වී ඇත. මෙම අනතුර සම්බන්ධයෙන් තොරතුරු ලද විගස නාවික හමුදා මුලස්ථානයේ උපදෙස් මත මුර සංචාරයේ නියුතුව සිටි සයුරළ නෞකාව එම ධීවරයින් සහ යාත්‍රාව මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා යෙදවීමට කටයුතු කෙරිණි. පවුල් තුඩුවට නාවික සැතපුම් 198 ක් දුරකදී අදාල ධීවර යාත්‍රාව පාවෙමින් තිබියදී ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුරළ’ මඟින් සොයා ගැනීමෙන් අනතුරුව මුහුදේ පැවැති රළු භාවයද නොතකමින් දැඩි පරිශ්‍රමයක් යොදා එම ධිවරයින් නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කරන ලදී.

ඉන් අනතුරුව නෞකාව මඟින් එම ධීවරයින් සහිත යාත්‍රාව ආරක්ෂාකාරී ලෙස ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රය වෙත රැගෙන ඒමෙන් පසු ඔවුන්ගේ ඥාතීන් වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ