››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

කිලිනොච්චි ප්‍රදේශයේ හමුදා භටපිරිස් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් සඳහා සහයෝගය දක්වයි

කිලිනොච්චි ප්‍රදේශයේ හමුදා භටපිරිස් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් සඳහා සහයෝගය දක්වයි

[2018/06/13]

කිලිනොච්චි ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් කිලිනොච්චි, මූලන්කාවිල් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් එම කෝවිලේ පූජකතුමන්ගේ ඉල්ලීමකට අනුව පසුගිය බ්‍රහස්පතින්දා (ජුනි 07) දින ක්‍රියාත්මක කරනු ලදී. මෙහිදී කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ සහ අලංකාරවත් කිරීමේ ශ්‍රමදාන වැඩසටහන එම කෝවිලෙහි පුජකතුමන්ලාගේ උපදෙස් මත සිදුකරන ලදී.

මේ අතර, කිලිනොච්චියේ යුද්ධ හමුදා භට පිරිසක් විසින් තවත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ලෙස කිලිනොච්චි, කල්විලන් රජයේ දමිළ මිශ්‍ර විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් එදිනම ක්‍රියාත්මක කළහ. මෙම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා හමුදා භටපිරිස් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගී විය.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ