››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

උතුරු පළාතේ තවත් ඉඩම් අක්කර 120 වැඩි ප්‍රමාණයක් නිදහස් කෙරේ

උතුරු පළාතේ තවත් ඉඩම් අක්කර 120 වැඩි ප්‍රමාණයක් නිදහස් කෙරේ

[2018/06/19]

උතුරු පළාතෙහි සංහිදියා ක්‍රියාවලිය සහ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දක්වනු ලබන දායකත්වය සංකේතවත් කරමින් හමුදා භට පිරිස් පරිහරණය කරන ලද තෙලිප්පලෙයි, කරච්චි සහ මුහුදුබඩපත්තු යන ප්‍රදේශවල ඉඩම් අක්කර 120 කට වැඩි භුමි ප්‍රමාණයක් නිදහස් කිරීමට පියවර ගෙන තිබේ. මෙම ඉඩම්වලට අදාල නිල ලේඛන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වෙත සඳුදා (ජුනි 18) දින කිලිනොච්චියේ සිදුකරන ලද සංචාරයක් අතරතුරදී ප්‍රදානය කරන ලදී.

යාපනයේ තෙලිප්පලෙයි, මුලතිව් මුහුදුබඩපත්තු සහ කිලිනෝච්චි කරච්චි යන ප්‍රදේශයන්හි නිදහස් කරන ලද ඉඩම්වලට අදාළ නිත්‍යානුකුල ලියකියවිලි, යුද්ධ හමුදාධිපතිතුමන් වෙනුවෙන් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන විසින් අතිගරු ජනාධිපතිතුමන් වෙත පැවති නිල හමුවේදි ප්‍රදානය කරන ලදී. එම අවස්ථාවේදීම, අතිගරු ජනාධිපතිතුමන් විසින් එම ලියකියවිලි යාපනය, මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයන් හි අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත භාරදෙනු ලැබීය.

යාපනයේ තෙලිප්පලෙයි ප්‍රදේශයේ ඉඩම් අක්කර 62.95 ක්, කිලිනොච්චි කරච්චි ප්‍රදේශයේ ඉඩම් අක්කර 5.94 ක් සහ මුලතිව් මුහුදුබඩපත්තු ප්‍රදේශයේ ඉඩම් අක්කර 52.0 ක ප්‍රමාණයක් ඇතුළුව උතුරු පළාත තුල මුළු ඉඩම් අක්කර 120.89 ක ප්‍රමාණයක් සිවිල් වැසියන් වෙත භාරදීමට නියමිතය.

2017 දෙසැම්බර් මසට පෙර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් උතුරු පළාතේ යාපනය, කිලිනොච්චි, මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන ප්‍රදේශයන් හි සහ නැගෙනහිර පළාතේ අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශයන් හි ද රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් අක්කර 55,510.58 ක ප්‍රමාණයක් නිදහස් කරන ලදී.

සබැදි පුවත් >>

මුලතිව් දිස්ත්‍රික්කයේ අක්කර 133 කට වැඩි ප්‍රමාණයක් නිදහස් කෙරේ

යාපනයේ ජනතාව සඳහා තවත් ඉඩම් කොටස් නිදහස් කෙරේ

මුලතිව්හි ඉඩම් අක්කර 189 ක් පැරණි හිමිකරුවන්ට

යාපනය මයිලඩි හි තවත් ඉඩම් අක්කර 54 ක් පැරණි හිමිකරුවන්ට

උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම පිළිබඳව සාකච්ඡාවක්

කීරමලේ නිවාස ව්‍යාපෘතිය ජනපති අතින් ජනතා අයිතියට

කීරමලෙයි නිවාස කඩිනමින් හිමිකරුවන්ට

කීරමලෙයි නිවාස හිමිකරුවන් සඳහා සනාථ කිරීමේ ලිපි

යාපනය ප්‍රදේශයේ යුද්ධ හමුදාව විසින් පරිහරනය කරන ලද ඉඩම් ඒවායේ නිත්‍යානුකූල හිමිකරුවන් වෙත පවරා දීම

රාජ්‍ය නිලධාරීන් රැසක් යාපනයේ නිදහස් කල ඉඩම් පිලිබඳ සොයාබැලීමට ක්‍ෂේත්‍ර සංචාරයක

යාපනයේ ඉඩම්වල නිත්‍යානුකුල අයිතිකරුවන් වෙත ඉඩම් ඔප්පු 700 ක් භාර දෙති

අධි ආරක්ෂිත කලාපවලට අයත්ව තිබූ ඉඩම් අක්කර 425 ක් නැවත මුල් පදිංචි කරුවනට


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ