››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

යාපනය සිසුන්ගේ අධ්‍යාපනික දස්කම් ඇගයීමට ලක්කරයි

යාපනය සිසුන්ගේ අධ්‍යාපනික දස්කම් ඇගයීමට ලක්කරයි

[2018/07/04]

 

අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුල දක්වන ලද විශිෂ්ඨ දස්කම් හේතුවෙන් යාපනය ප්‍රදේශයේ ශිෂ්‍යයින් තිදෙනෙකුට ත්‍යාග සහ අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැමීමේ චාම් උත්සවයක් පසුගියදා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද බැව් යුද්ධ හමුදා නිල වෙබ්අඩවිය පවසයි. යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේදී 2017 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨ දස්කම් දැක්වූ සිසුන් තිදෙනෙකු මෙසේ ඇගයීමට ලක්විය.

හර්ට්ලි විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශ්‍රීධරන් තුවාකරන් ශිෂ්‍යා භෞතික විද්‍යා විෂය ධාරාවෙන් දිවයිනේ පළමුවැනියා ලෙසද, සාන්ත පැට්‍රික් විද්‍යාලයේ ආර්.ඩි.ජේ. පාවුල් ජෑන්සන් සහ වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේ කමලේශ්වරන් සෙන්තිල්නාදන් ශිෂ්‍යාව විසින් භෞතික විද්‍යා හා ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාවෙන් දිවයිනේම තෙවන ස්ථානය ද හිමිකර ගෙන ඇත.

ඔවුන් හට 306 බී 2 මාකොළ සිංහ සමාජයේ අනුග්‍රහයෙන් ලැප්ටොප් පරිගණක තුනක් සහ එක් අයකුට මාසිකව රු.5000 බැගින් වූ ශිෂ්‍යත්වයක්ද පිරිනමන ලදී.

මෙම අවස්ථාවට යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි, පරිත්‍යාගශීලීන්, එම සිසුන්ගේ දෙමව්පියන් සහ ගුරුවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ