››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

මුහුදේ අතරමංව සිටි සෝමාලියානු ධීවරයින් පිරිසක් නාවික හමුදාව විසින් බේරා ගැනේ

මුහුදේ අතරමංව සිටි සෝමාලියානු ධීවරයින් පිරිසක් නාවික හමුදාව විසින් බේරා ගැනේ

[2018/07/05]

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුහුදේ අතරමංව සිටි සෝමාලියානු ජාතික ධීවරයින් තිදෙනෙකු සහිත යාත්‍රාවක් බේරා ගැනීමට ඊයේ (ජුලි 05) දින කටයුතු කර ඇත. සෝමාලියානු ධීවරයින් තිදෙනෙකු සමඟින් ධීවර යාත්‍රාවක් මුහුදේ අතරමංව සිටින බවට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් කළ දැනුම්දීමකට අනුව නාවික හමුදාව විසින් මෙම මුදා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදී.

නාවික හමුදා මුලස්ථානයේ උපදෙස් මත වහාම ක්‍රියාත්මක වු ශ්‍රීලංනානෞ නන්දිමිත්‍ර නෞකාව බදාදා (ජුලි 04) දින පස්වරුවේ නාවික වෛද්‍ය සහායක කණ්ඩායමක් සමඟ අනතුරට පත් සෝමාලියානු ධීවර යාත්‍රාව සහ ධීවරයින් බේරා ගැනීම සඳහා පිටත් විය. ඊට පසු දින ගාලු ප්‍රදීපාගාරයේ සීට නාවික සැතපුම් 115 ක් පමණ දුරින් මුහුදේ අතරමංව පාවෙමින් සිටි සෝමාලියානු ධීවරයන් සහිත යාත්‍රාව වෙත ළඟාවීමට නාවික හමුදාවට හැකිවිය. එහි සිටි අසාධ්‍ය තත්ත්වයේ පසු වු ධීවරයින් හට මුලික වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් පසු ආරක්‍ෂාකාරී ලෙස ගාලු වරාය පරිශ්‍රය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී. ඉන් අනතුරුව ඔවුන් ගාල්ල පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ