››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය සිය මාසික ආරක්‍ෂක සැසිය පවත්වයි

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය සිය මාසික ආරක්‍ෂක සැසිය පවත්වයි

[2018/07/06]

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය (INSSSL) විසින් පවත්වනු ලබන මාසික ආරක්‍ෂක සැසිය ඊයේ (ජූලි 06) දින පැවැත්විණි. ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සැසිය ඊයේ පස්වරු අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහි ප්‍රධාන දේශනය ‘Fake News, Disinformation and Subversion: A Singapore Perspective’ යන මාතෘකාව යටතේ ආචාර්ය ශෂී ජයකුමාර් (Dr. Shashi Jayakumar) විසින් සිදු කරන ලදී. මොහු සිංගප්පූරුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ විශිෂ්ඨතා මධ්‍යස්ථානයෙ හි (Centre of Excellence for National Security -CENS) ප්‍රධානියා වේ.

මෙම දේශනයෙන් අනතුරුව ඒ සඳහා සහභාගිවූවන් සමග එම මාතෘකාව පිළිබඳව හරවත් සාකච්ඡාවක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් අසංග අබේගුණසේකර මහතා, ත්‍රිවිධ හමුදා නිලධාරින් ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගී වුහ.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ