››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

යුද්ධ හමුදා මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩකයින් මුෂ්ටි ප්‍රහාරක තරඟාවලියේ ශුරතාවය දිනා ගනී

යුද්ධ හමුදා මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩකයින් මුෂ්ටි ප්‍රහාරක තරඟාවලියේ ශුරතාවය දිනා ගනී

[2018/07/09]

 

අන්තර් පිරිමි මුෂ්ටි ප්‍රහාරක ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුධ හමුදා මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩකයින් රන් පදක්කම් 8 ක් දිනාගනිමින් තරඟාවලියේ සමස්ත ශුරතාවය හිමිකර ගැනීමට වූහ. මෙම තරගාවලිය ශ්‍රී ලංකා මුෂ්ටි ප්‍රහාරක සංගමය විසින් සංවිධානය කරන ලදී.

පසුගිය සෙනසුරාදා (ජුලි 07) දින Royal MAS arena මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩාගාරයේදී පැවැත් වූ මෙම මුෂ්ටි ප්‍රහාරක තරඟාවලියේදී MAS slim line ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය, යුද්ධ හමුදා ක්‍රීඩකයින් සමග තරංග වැදුනි.

තරඟ ඉසව් 10 කින් සමන්විත වූ තරඟාවලියේ සමස්ථ ශූරතාවය හිමිකරගැනීමට රන් පදක්කම් 8 ක් දිනාගනිමින් යුද්ධ හමුදා මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩකයින් සමත් විය. මෙහිදී යුද හමුදා ක්‍රීඩකයින් රිදී පදක්කම් සහ ලෝකඩ පදක්කම් කිහිපයක්ද දිනා ගත්හ.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ