››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

එක්ගල්ඔයේ අතුරුදහන් වූවන් සොයා නාවික හමුදා මෙහෙයුම් දිගටම

එක්ගල්ඔයේ අතුරුදහන් වූවන් සොයා නාවික හමුදා මෙහෙයුම් දිගටම

[2018/07/09]

 

ඊයේ (ජුලි 08) දින අම්පාර දමන එක්ගල්ඔයේ ඔරුවක් පෙරලීමෙන් සිදුවූ හදිසි අනතුරකින් අතුරුදන් වුවන් සොයා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින් දිගටම මෙහෙයුම් සිදුකරන බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි. මෙම සිද්ධිය පිළිබඳව දැනගත් වහාම නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයින් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කඩිනමින් එම ස්ථානය කරා යැවිමට කටයුතු කරන ලදි.

එම ස්ථානටයට පැමිණි නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයින් විශාල පරිශ්‍රමයක් දරමින් අතුරුදන් වූ පුද්ගලයන් හතරදෙනාගෙන් තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනීමට කටයුතු කළ අතර, අනෙක් පුද්ගලයාගේ සිරුර සෙවීමට නාවික හමුදාව මේවන විටත් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටියි.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ බදුල්ල සිරිසීවලී විදුහලේ සුභසාධක සංගමය මගින් සංවිධානය කරනුලැබූ විනෝද චාරිකාවකට සහභාගී වු 45 දෙනෙකුගෙන් යුත් පිරිසකගෙන් සිව්දෙනෙකි (4) . ඔවුන් ඊයේ උදෑසන එක්ගල් ඔයේ ඔරු පදිමින් විනෝද වෙමින් සිටියදී 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිටි ඔරුවේ සමබරතාවය පවත්වාගැනිමට නොහැකි වීම හේතුවෙන් අනතුරට පත්ව ඇති බවත්, ඉන් පස්දෙනෙකුගේ (5) දිවි බේරාගැනීමට අවට සිටි ප්‍රදේශවාසින් සමත් වී ඇත.

මෙසේ සොයාගත් මළසිරුරු අතර විදුහල්පති (53), පාසල් ගුරුවරයෙකු (43) සහ පාසල් ශිෂ්‍යයෙකු (13) විය. අතුරුදන් වු පාසලේ මුරකරු යැයි පවසන අනෙක් පුද්ගලයාගේ සිරුර සෙවීමට නාවික හමුදාව මේවන විටත් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටියි.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ