››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

යුද්ධ හමුදාව වෙතින් උතුරේ රෝගීන් සඳහා ලේ දන්දීමේ වැඩසටහනක්

යුද්ධ හමුදාව වෙතින් උතුරේ රෝගීන් සඳහා ලේ දන්දීමේ වැඩසටහනක්

[2018/07/10]

යාපනයේ රෝහල් වල සිටින රෝගීන්ගේ යහපත උදෙසා යුද්ධ හමුදා සාමාජිකයින් පසුගිය සෙනසුරාදා (ජුලි 7) දින ලේ දන්දීමේ වැඩසටහනක් සඳහා ස්වේච්ඡාවෙන්ම සහභාගි වූ බව යුද්ධ හමුදා නිල වෙබ්අඩවිය පවසයි. 523 වන බලසේනා මූලස්ථානයේ 9 වන සංවත්සරයට සමඟාමීව මෙම ලේ දන්දීමේ වැඩසටහන පැවැත්විණි.

උතුරු පළාතේ රෝගීන් වෙනුවෙන් 523 වන බලසේනාවට අයත් හමුදා සෙබළුන් 90 කට අධික සංඛ්‍යාවක් මෙසේ ලේ දන්දීම සිදුකරන ලදී. යාපනය ශීක්‍ෂණ රෝහලේ වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලයේ පුර්ණ සහයෝගය මෙම ලේ දන්දීමේ ව්‍යාපෘතිය සඳහා ලබාදී ඇත.

මේ අතර, සියළුම ආගමික ප්‍රජාවන් අතර සුහදත්වය, අවබෝධය, සහජීවනය සහ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් හින්දු, කතෝලික, මුස්ලිම් සහ බෞද්ධ යන සියළුම ආගම් නියෝජනය කරමින් 30 කට අධික පූජකවරුන් සහ ස්වාමින් වහන්සේලාගේ සහභාගිත්වයෙන් යුත් සාකච්ඡාවක් පසුගිය බදාදා (ජුලි 04) දින අලන්කුලම්, තුනුක්කායි ප්‍රදේශයේ ස්ථාපිත 65 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ