››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

නියඟයෙන් පීඩාවට පත් වන්නි ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා යුද්ධ හමුදා භට පිරිස් පානීය ජලය සපයයි

නියඟයෙන් පීඩාවට පත් වන්නි ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා යුද්ධ හමුදා භට පිරිස් පානීය ජලය සපයයි

[2018/09/24]

මේ දිනවල පවතින වියලි කාලගුණික තත්ත්වයෙන් පිඩාවට පත් වන්නි ප්‍රදේශයේ ජනතාවට පානිය ජලය සැපයීමේ අකණ්ඩ සේවාවක් ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් ක්‍රියාත්මක කර ඇති බැව් යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයට අයත් භට පිරිස් විසින් වවුනියාව ප්‍රදේශයේ නියඟයෙන් පීඩාවට පත් සිවිල් වැසියන් 45,000 කට අධික ප්‍රමාණයක් සඳහා ජලය ලබා දීම සිදුකරයි.

පවතින වියළි කාලගුණයත් සමඟ ප්‍රදේශයේ ජනතාව දිනපතා අවශ්‍ය පානිය ජලයවත් සපයා ගැනීමට නොහැකි වී ඇති බැව් අනාවරණයවීමෙන් අනතුරුව යුද්ධ හමුදා භටපිරිස් විසින් පසුගිය සතියේ (20 වැනිදා) සිට මෙම සමාජ සුභසාධන කටයුත්ත ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගනු ලැබීය.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ