››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

දිළිඳු පවුල් දෙකක් සඳහා නව නිවාස

දිළිඳු පවුල් දෙකක් සඳහා නව නිවාස

[2018/09/25]

යාපනය ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුල් දෙකක් සඳහා යුද්ධ හමුදා භටපිරිස් විසින් නව නිවාස දෙකක් ඉදිකරදෙන ලද බැව් යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. තේලිප්පලෛයි ප්‍රාදේශයේ දී පැවති චාම් උත්සවයකදී ඉදිකරන ලද මෙම නව නිවාස දෙක නිවාස ලාබින් වෙත ලබාදීම සිදුකරන ලදී.

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් විජය කුමාර් සින්දුජන් සහ සින්නප්පුලි සීවානාවියන් යන දිළිඳු පවුල් දෙක පිළිබඳ යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති තුමන් වෙත දැනුම්දීමෙන් අනතුරුව මෙම නිවාස දෙක ඉදිකිරීමට අවශ්‍ය පියවර ගනු ලැබීය. මෙම නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය මොහාන් ශංකර් මහතා සහ වදීනි ශංකර් මහත්මිය විසින් ලබාදෙන ලද අතර ශ්‍රම දායකත්වය යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් ලබාදෙන ලදී.

මෙම චාම් උත්සවය සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි, පරිත්‍යාගශීලින්, රාජ්‍ය නිලධාරින්, නිවාස ලාභී පවුල්වල සාමාජිකයින් ඇතුළු ප්‍රදේශවාසින් විශාල පිරිසක් සහභාගී වුහ.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ