››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

‘සිඳුරළ’ නෞකාව යලි දිවයිනට පැමිණේ

‘සිඳුරළ’ නෞකාව යලි දිවයිනට පැමිණේ

[2018/09/26]

 

ඕස්ට්‍රේලියාව බලා පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ නෞකාව සාර්ථක මුහුදු ගමනකින් පසු පසුගිය සඳුදා (සැප් 24) දින නැවත දිවයිනට ලඟා වූ බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි. මෙම නෞකාව ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් පවත්වනු ලබන කකාඩු (KAKADU-2018) නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා පසුගිය අගෝස්තු 20 වන දින ත්‍රිකුණාමලය වරායෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත් විය.

නෞකාව කොළඹ වරායට සේන්දුවිමෙන් පසු නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරුණි.

මෙම සංචාරය තුළ ‘සිඳුරළ’ නෞකාව නාවික සැතපුම් 6646 ක් ආවරණය කර ඇති අතර එය නාවික හමුදා ඉතිහාසයේ දීර්ඝතම මුහුදු ගමන ලෙස සඳහන් වේ.

ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද බහුපාර්ශවික නාවික පුහුණු අභ්‍යාසයක් වන කකාඩු පුහුණු අභ්‍යාසය පසුගිය අගෝස්තු මස 30 වන දින සිට සැප්තැම්බර් මස 16 වන දින දක්වා පවත්වන ලදී. මෙය ඕස්ට්‍රේලියාවේ ඩාවින් මුහුදු තීරය ආශ්‍රිතව පවත්වන ලදී.

ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, බෲනායි, චිලී, කැනඩාව, චීනය, ෆීජි, ප්‍රංශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, මලයාසියාව, නවසීලන්තය, පකිස්ථානය, පිලිපීනය, සිංගප්පූරුව, දකුණු කොරියාව, තායිලන්තය, එක්සත් අරාබිය, ඇමරිකා එක්සත් ජනපදය සහ වියට්නාමය යන රටවල් ඇතුළුව රටවල් 27 ක නාවික හමුදාවන් මෙම නාවික අභ්‍යාස සඳහා එක් වීය. තවද, ඒ සඳහා නාවික හමුදාවන්ට අයත් නෞකාවන් 24 ක් සහ ගුවන් යානා 21 ක් ද මෙම අභ්‍යාසය සඳහා සහභාගී වන ලදී.

මෙම අභ්‍යාසය විවිධ වැඩසටහන් වලින් සමන්විත වූ අතර එම වැඩසටහන් අතුරින් ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම ක්‍රිඩා ඉසව්වලින් තෙවන ස්ථානය ලබා ගැනීමට සමත් වී ඇත.

     

සබැඳි පුවත් >>

කකාඩු (KAKADU 2018) නාවික අභ්‍යාසය සඳහා ‘සිඳුරළ’ නෞකාව ඕස්ට්‍රේලියාව බලා පිටත්වෙයි


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ