››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

නියඟයෙන් පීඩාවට පත් සිවිල් වැසියන්ට නාවික හමුදාව වෙතින් පානීය ජලය

නියඟයෙන් පීඩාවට පත් සිවිල් වැසියන්ට නාවික හමුදාව වෙතින් පානීය ජලය

[2018/09/28]

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ නාවික විධානයන්ට අයත් නාවික හමුදා භටපිරිස් විසින් එම ප්‍රදේශයන්ට බලපා ඇති නියඟය හේතුවෙන් විපතට පත් ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි. ඔවුන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා මේ වන විට පානීය ජල ලීටර් 123000 කට අධික ප්‍රමාණයක් බෙදාහැරීමට නාවික හමුදාව කටයුතු යොදා ඇත.

ඒ අනුව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුරය, මැදවච්චිය යන ප්‍රදේශ, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුනකරි ප්‍රදේශය, මන්නාරම දිස්ත්‍රික්කයේ කරදන්කූලිය, මොල්ලිකූලම්, මරිච්චිකඩ්ඩි, පාලන්කූලි යන ප්‍රදේශ, යාපනය දිස්ත්‍රික්කයේ වේලනි, කයිට්ස්, වේලනි දකුණ දිවයින යන ප්‍රදේශ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රදේශය, මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩ පත්තුව යන ප්‍රදේශය, වව්නියාව දිස්ත්‍රික්කයේ උළුක්කුලම යන ප්‍රදේශය සහ පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම ඇතුළු ප්‍රදේශයන්හි පිහිටි පාසල්, රෝහල්, පුජනීය සිද්ධස්ථාන ඇතුළු විවිද ස්ථාන වෙත මෙලෙස පානීය ජලය බෙදාහැරිමට නාවික හමුදාව කටයුතු කරන ලදී. එමඟින් 6000 කට අධික පාසල් සිසුන් පිරිසකට ද සිය පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකි විය.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ