››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

පොතක් එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන් සහභාගී වේ

පොතක් එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් සහභාගී වේ

[2018/09/30]

දිවන්ගත ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා පිළිබඳ රචිත ග්‍රන්ථය එළිදැක්වීමේ උළෙලක් ඊයේ (සැප් 29) දින බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ දී පැවැති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමන් සහභාගි විය.

‘ජෙනරාල් ඩෙනිස්, නායකත්වයේ සංක්ෂේපය’ (General Denis, the Epitome of Leadership) නැමති මෙම ග්‍රන්ථය රචනා කරන ලද්දේ දේශමාන්‍ය එම්.ඩී.ඩී. පීරිස් මහතා විසිණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු යුධ හමුදාධිපතිවරයෙකු මෙන්ම ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ වන දිවන්ගත ජෙනරාල් තුමන්ගේ ගුණානුස්මරණය වෙනුවෙන් මෙම උත්සවය පැවැත්විණි.

මෙම අවස්ථාවට යුධ හා නාවික හමුදාපතිවරුන්, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ කුලපති, හිටපු හමුදාධිපතිවරුන්, විද්වතුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් විශාල පිරිසක් සහභාගි වූහ.

     


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ