››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

ජපාන නෞකා දෙකක් දිවයිනට පැමිණේ

ජපාන නෞකා දෙකක් දිවයිනට පැමිණේ

[2018/10/01]

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් ‘කාගා’ සහ “ඉනසුමා” නෞකාවන් පස් දින සුහද නිල සංචාරයක් සඳහා ඊයේ (සැප් 30) දින දිවයිනට ලඟා විය. කොළඹ වරායට සේන්දු වූ එම නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී.

දිගින් මීටර් 248 ක් වන ‘කාගා’ නෞකාවෙහි ධාරිතාවය ටොන් 19,950 ක් වන අතර, 400 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් සමන්විත අතර “ඉනසුමා” නෞකාව දිගින් මීටර් 151 හා ධාරිතාවය ටොන් 4,550 කින් යුක්ත වන අතර, එහි නැව් මුළුව 170 කි.

මෙම නෞකාවන්, දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී එහි කාර්යය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී වීමට නියමිතව ඇත.

එළඹෙන බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 04) දින ‘කාගා’ සහ “ඉනසුමා” නෞකාවන් දිවයිනෙන් පිටත් වීමට නියමිතය.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ