››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

පාකිස්ථාන ආරක්‍ෂක ලේකම් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

පාකිස්ථාන ආරක්‍ෂක ලේකම් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

[2018/10/03]

පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ ආරක්‍ෂක ලේකම් ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) ඉක්රම් උල් හක් (Lieutenant General (Retired) Ikram Ul Haq) මහතා අද (ඔක් 03) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවිය.

ආරක්‍ෂක ලේකම්වරුන් දෙදෙනා අතර ද්විපාර්ශ්වික වැදගත්කමක් ඇති කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් ආචාර්ය ෂහීඩ් අහමඩ් හෂ්මට් (Dr. Shahid Ahmad Hashmat) මැතිතුමන් සහ ආරක්‍ෂක අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

පස් වන වරටත් පැවැත්වීමට නියමිත පාකිස්ථාන - ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ආරක්‍ෂක සමුළුවට සහභාගී වීම සඳහා පකිස්තාන ආරක්‍ෂක ලේකම්තුමන්ගේ නායකත්වයෙන් යුත් ඉහල පෙලේ නියෝජිතයින් පිරිසක් දිවයිනට පැමිණ තිබේ. දෙරටේ සන්නද්ධ හමුදාවන් අතර වෘත්තීමය සහ අන්‍යොන්‍ය සබඳතා පලදායි ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම සමුළුව පැවැත්වේ.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ