››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

ලෝක ළමා දිනය සැමරීමට හමුදා භටපිරිස් එක්වේ

ලෝක ළමා දිනය සැමරීමට හමුදා භටපිරිස් එක්වේ

[2018/10/03]

ලෝක ළමා දිනය නිමිත්තෙන් පසුගිය සතිය පුරා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් විවිධ වැඩසටහන් ගණනාවක් පවත්වන ලද බැව් යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. පසුගිය සඳුදා (ඔක් 01) දින කිලිනොච්චි ප්‍රදේශය තුල වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි දිළිඳු පවුල්වල සිටින පාසල් ළමුන් හට ආරම්භක තැන්පතුවක් සහිතව බැංකු ගිණුම් පොත් බෙදාදෙනු ලැබීය. මෙම වැඩසටහන සඳහා මහජන බැංකුව වෙතින් අනුග්‍රහය ලබාදෙනු ලැබීය. මීට අමතරව, කනගපුරම් පිහිටි මාහාදේව ළමා නිවාසයේ ළමුන් 185 දෙනෙකු සහ එහි කාර්යමණ්ඩලයට දිවා ආහාරවේලක් ලබාදෙනු ලැබු අතර සංගීතයෙන් සහ නර්තනයෙන් එම නේවාසික ළමුන් විනෝදාස්වාදයට පත්කරන ලදී.

තවද විශ්වමඩු, තොටිටිඅඩි ප්‍රජා ශාලාවේ දී අඩු ආදායම්ලාභි පවුල්වල සිටින වයස අවු : 05 ට අඩු ළමුන් සඳහා සිසු උදාන බැංකු ගිණුම් පොත් බෙදාදෙන ලදී. එමෙන්ම, කන්දාවලි රංගන් පෙර පාසලේ ළමුන් සඳහා කෙටි ආහාරවේලක් සහ ත්‍යාග පාර්සල් බෙදාදෙන ලද අතර විශ්වමඩු මන්ති පෙර පාසලේ ළමුන් සඳහා උදෑසන ආහාරය සහ රසකැවිලි බෙදාදෙන ලදී.

තවද එදිනම පන්නණ්කණ්ඩි - පරන්තන්, මලවෙහල් පෙර පාසලේ ළමුන් 14 දෙනෙකු සඳහා මුලික තැන්පතු සහිත බැංකු ගිණුම් පොත් සහ ලිපිද්‍රව්‍ය බෙදාදෙනු ලැබීය. එමෙන්ම යුද්ධ හමුදා භටපිරිස් විසින් මාන්කුලම් ළමා නිවාසයේ ළමුන් සඳහා ද දිවා ආහාර වේලක් ලබාදෙනු ලැබීය.

තවද යාපනය මිරුසූවිල්, කරම්පගම් රජයේ දමිළ මිශ්‍ර පාසලේ තෝරාගත් සිසුන් 49 ක් සඳහා පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය සහ පාසල් පාවහන් තොගයක් පසුගිය සඳුදා (ඔක් 01) දින බෙදාදෙන ලදි. මෙම වැඩසටහන සඳහා ‘Shatter of the Silence’ පුණ්‍ය සංවිධානය පුර්ණ අනුග්‍රහය දක්වන ලදී. මෙම වැඩසටහනට සහභාගී වූ සිසුන් සඳහා දිවා ආහාරය ද පිරිනැමුහ.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ