››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

යුද්ධ හමුදාව ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කරයි

යුද්ධ හමුදාව ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කරයි

[2018/10/05]

කිලිනොච්චියේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් සංවිධානය කල සුහද ක්‍රිකට් තරඟාවලිය සඳහා කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් ක්‍රිකට් සමාජ 9ක් සහභාගී වූ බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. මෙම ක්‍රිකට් තරඟාවලිය පසුගිය බදාදා (ඔක් 03) දින විශ්වමඩු මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී.

මෙහිදී අවසන් තරඟය සඳහා විශ්වමඩු මධ්‍යම ක්‍රීඩා සමාජය සහ විශ්වමඩු තෝරල්ගල් ක්‍රීඩා සමාජය තේරීපත්වන ලදි. අවසන් මහා තරඟයේදී තියුණු සටනකින් පසු විශ්වමඩු මධ්‍යම ක්‍රීඩා සමාජය ජයග්‍රහණය හිමිකර ගන්නා ලදී.

මෙම අවස්ථාවට සහභාගි වූ සියලු ක්‍රීඩා සමාජයන් වෙත ක්‍රීඩා ආමාත්‍යාංශයෙන් ලැබුණු ක්‍රීඩා උපාංග ද බෙදාදෙන ලදි.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ