››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

චීන නැවක් දිවයිනට පැමිණේ

චීන නැවක් දිවයිනට පැමිණේ

[2018/10/05]

චීන නාවික හමුදාවට අයත් ‘හයි යන්ග්ඩාඕ’ ('Hai Yangdao') නෞකාව දින හතරක සුහද සංචාරයක් සඳහා බ්‍රහස්පතින්දා (ඔක් 04) දින දිවයිනට ලඟාවිය. කොළඹ වරායට පැමිණි එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී.

දිගින් මීටර් 135 ක් සහ පළලින් මීටර් 18.6 කින් යුත් ‘හායි යැන්ග්ඩාඕ’ නෞකාව ටොන් 7676 ක ධාරිතාවයකින් යුක්ත වේ. දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට ද සහභාගී වීමට නියමිතව ඇති අතර මෙම නෞකාව එළබෙන ඉරිදා (ඔක් 07) දිවයිනෙන් පිටත්වීමට නියමිතය.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ