ගුවන් සේවා අංශ පිලිබඳ පාසැල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
[2018/10/06]
සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් සංවිධානය කරන ලද ගුවන් සේවා අංශය පිලිබඳ
පාසැල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනේ සහතිකපත් බෙදාදීමේ උත්සවයක් පසුගිය
සිකුරාදා (ඔක් 05) දින කටුනායක
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී පවතී අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා සහභාගී
විය.
මෙම වැඩසටහන සඳහා කෝට්ටේ හා පුත්තලම යන ප්‍රදේශ වල පාසල් දෙකක දරුවන්
150 දෙනෙකු සහභාගී විය. එය ගුවන්
තොටුපල සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ
ශ්‍රී ලංකන් කේටරින්ස් යන ආයතනවල සහයෝගයෙන් පවත්වන ලදී.
මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්තුමන් මෙම ක්ෂේත්රය තුල විවිධ රැකියා
අවස්ථා විශාල ප්‍රමාණයක් පවතින බවත්, මෙය, මෙම දරුවන් හට වඩා හොඳ රැකියා
අවස්ථාවන් උදාකර ගත හැකි එක් අංශයක් බවත් ප්‍රකාශ කළේය.
සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති ආනන්ද විමලසේන මහතා සහ ගුවන් තොටුපොළ සහ
ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සමන් එදිරිවීර මහතා ඇතුළු සිවිල් ගුවන්සේවා
අංශයේ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
|