››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

ගංවතුර හේතුවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා හමුදා භට පිරිස්හි සහාය

ගංවතුර හේතුවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා හමුදා භට පිරිස්හි සහාය

[2018/10/08]

පසුගිය දින කිහිපය තුළ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ගංවතුර තර්ජනයට මුහුණ පා ඇති බැව් වාර්තා වේ. බෙංගාල බොක්කේ පවතින අඩු පීඩන තත්වයක් හේතුවෙන් හෙට දිනයේදීද දිවයින පුරා අධික වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, වයඹ, මධ්‍යම සහ සබරගමු පළාත්වල ද ගාල්ල සහ මාතර දිස්තික්කවලද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැක.

මේ අතර, ආරක්‍ෂක අංශ මූලස්ථානයට බටහිරින් (SFHQ-West) ඇතුළු ප්‍රදේශ කිහිපයකදී ඊයේ (07) උදෑසන පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළුවීම සඳහා පිවිසෙන මාර්ග ජලයෙන් යටවීම වැළැක්වීමට පියවර ගන්නා ලදී. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, දියවන්නා ඔය හරහා දිවෙන පිවිසුම් මාර්ගයේ දාරවල වැලි බෑග් ගොඩ දැමීමයි.

මෙමගින් ගංවතුර ප්‍රවේශ මාර්ග වැළැක්වීමට භට පිරිස් සමත් වූ අතර තවදුරටත් ගංවතුර ඇතිවීම වැලක්වීමට කටයුතු කරන ලදී.

තවද, කඩුගන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බළන, කැටකුඹුර සහ අමුණුපුර යන ප්‍රදේශයන්වල නිවාස සහ පාරවල් වලට ගස් කඩා වැටීම් හේතුවෙන් බලපෑමට ලක් වූ අතර, විපතට පත්වූවන් සඳහා සහන සැලසීමට ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම යටතේ ස්ථාපිත භටපිරිස් පසුගිය සිකුරාදා (ඔක් 05) යුහුසුළුව ක්‍රියාත්මක වන ලදී.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ